සම්මානිත බේකරි සහ රසකැවිලි සන්නාමයක් වන ෆිනගල් ලංකා සමාගම, සීදුව Luxury Banquet Hall හිදී දෙසැම්බර් මස 9 වැනිදා සිය 25 වන සංවත්සරය සැමරුවේය. එම සමාගමේ ප්‍රමුඛ පාරිභෝගිකයන්, සැපයුම්කරුවන් සහ සමාගමේ සාර්ථකත්වයට උරදෙන 400කට අධික කාර්යමණ්ඩල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ නිර්මාතෘ එම්.එච්. ඕමාර් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ අස්ලම් ඕමාර් සහ නන්දනී අබේවර්ධන මහත්මිය ගරු ආරාධිත ලෙස සහභාගි වූහ.
තම නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව සහ මාලදිවයින යන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීම එම සමාගම ලද තවත් ජයග්‍රහණයකි. තවද, සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් එම සමාගම මෙරට සියලු බේකරි හිමිකරුවන් සවිබල ගැන්වීම සඳහා සිය දායකත්වය නොපිරිහෙළා ලබා දීමට කටයුතු කරයි.











