ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය ප්‍රථම වරට හිමිකර ගත් හේමාස් රෝහල් සමූහය සුවසේවා සංචාරක ක්ෂේත්‍රයේ (Medical tourism) ප්‍රවර්ධනය සඳහා මෙරට පුද්ගලික රෝහල්වලටද විශාල දායකත්වයක් ලබා දිය හැකි බව විශ්වාස කරයි. මේ පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහලේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා “රෝහල් සේවා සමග ලබා දිය හැකි යෝගී මානසික හා ශාරීරික සුවතා වැඩසටහන්, ආයුර්වේද, හෙළ වෙදකම් වැනි අපට ආවේණික පශ්චාත් වෛද්‍ය ප්‍රතිකර්මයන් මගින් සුවසේවාවන් ලබා ගැනීම අරමුණුකර ගත් සංචාරකයින්ට ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කළ හැකියි.”
“මෙබඳු අවස්ථාවන් පැවතියත් සුවසේවා ආශ්‍රිත සංචාරක ක්ෂේත්‍රය මෙරට පවතින්නේ ආරම්භක මට්ටමකයි. එහෙත් මේ සඳහා ඇති අවස්ථාවන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ප්‍රගමනය සඳහා මෙම ක්ෂේත්‍රය වෙතින් ලබා දිය හැකි දායකත්වය විශාලයි. විශේෂයෙන්ම කෝවිඞ් 19 වසංගතයට අප රටක් ලෙස මුහුණ දුන් ආකාරය සහ එහි ව්‍යාප්තිය කළමනාකරණ කිරීම සඳහා රජය, ආරක්ෂක අංශය සහ වෛද්‍ය ක්ෂේත්‍රය කටයුතු කළ ආකාරය පිළිබඳව ගෝලීය මට්ටමේ ඇගයීමක් අපට ලැබීමත් සමගම සුවසේවා සංචාරක ක්ෂේත්‍රයේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති වටිනාකම වැඩි වී තිබෙනවා” යනුවෙන් පැවසීය.











