• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනවිය යුතු අපේක්ෂකයන් ගැන අගමැති ලේකම්ගෙන් ප්‍රකාශයක්

July 5, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
දිනවිය යුතු අපේක්ෂකයන් ගැන අගමැති ලේකම්ගෙන් ප්‍රකාශයක්
Share on WhatsAppShare on Facebook

රටේ යහ පැවැත්මට සුදුසු නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ පරම වගකීම ඡන්ද දායකයන් සතු වන බැවින් එය වඩාත් නිවැරදි ලෙස පාවිච්චි නොකළහොත් රටට ජාතියට සිදු වන හානිය බරපතල වනු ඇති බව අගමැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.

කෝවිඩ් වසංගතය නිසා රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීම පහසුම කාර්ය භාරයක් නොවන බව කී ඒ මහතා ,යහපත් අරමුණු සහිත පිරිස් එක්ව ක්‍රියා කළ හොත් අපට යළි නැගී සිටිය හැකි යැයි ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා එසේ කීවේ මෙවර මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් තරඟ වදින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල පන්නල – ඇලිවිල සහ මාකඳුර ප්‍රදේශයන්හි ඉකුත් දා (30 ) පැවැති ජන හමු වල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
ඉතිහාසය පුරා අප වැටි – වැටී නැගිටින ජාතියක් .රටට නොයෙක් විදියේ හානිකර දේ සිදු වුණා .එවැනි බොහෝ දේ වලට ජනාතව ද වගකිව යුතුයි .හොඳ ආණ්ඩු හදන්නෙත් නරක ආණ්ඩු හදන්නෙත් පොදු ජනතාව .යහපාලන ආණ්ඩුව හැදුනේ ද ඡන්ද දායකයන්ගේ දායකත්වයෙන් .අවසානයේ රට විනාශකාරී තැනට පත් වුණා .
ඡන්ද දායකයන් වැරදි පුද්ගලයන් තම නියෝජිතයින් ලෙස පත් කරනවා .පසුව පසු තැවෙනවා .
ඔවුන් ක්‍රියා කරන හැටි දැකල විවේචන කරනවා .මන්ත්‍රී වරුන් 225 එක්ක පාර්ලිමේන්තුව ගිලෙන්න ඕන කියා සමහරු ප්‍රර්ථනා කළා .ඒ තරමට එපා වුණා .එහෙම එපා වෙලා බෑ .හොඳ පාර්ලිමේන්තුවක් හදා ගන්න ඕනෑ .රටකට ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ .
යමෙකුට මහ ජන නියෝජිතයෙක් වෙන්න තිබිය යුතු ප්‍රධාන සාධකය නම් මානව දයාවයි .මහින්ද රාජපක්‍ෂ චරිතය තුළ එය හොඳින් කැපී පෙනෙනවා .
යහපත් ලෙස ක්‍රියාත්මක ව්‍යවස්ථාදායකයක් විධායකයක් හා අධිකරණයක් රටකට ඕනැ .එවැනි පරිසරයක තමයි සාධාරණ යුක්තිගරුක සමාජයක් බිහි වන්නේ .යහපාලන කාලය තුළ මේ සියලු අංශ හානියට පත් වූණා.
මේ මහ මැතිවරණයෙන් විධිමත් ආණ්ඩුවක්පිහිටුවා ගන්න ඉඩ ලැබෙනවා .එහි අගමැති වෙන්නේ තවමත් පොදු ජන හදවත් දිනා සිටින මහින්ද රාජපක්‍ෂ මහත්තය .යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවෙන් වැඩ කරන ජනාධිපති ගෝඨාභය මහත්තය සමග එක් වූ විට රටට යහපතක් උදා වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

SendShareShare
Previous Post

හේමාස් රෝහල් සමූහය සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරයි

Next Post

ජනපති තන්තිරිමල පුදබිමේ ඖෂධ පූජාවක (PHOTOS)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.