දේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන (Melstacorp) මහතා, කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකාර රාජා එදිරිසූරිය මහතා සමගින් එහි ව්‍යාපෘති සංවර්ධන භූමි නිරීක්‍ෂණ සංචාරයක පසුගියදා නිරත විය. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සුවිසල් සේවාව වෙනුවෙන් ඉමහත් කීර්තියක් හිමිකරගෙන ඇති ජයවර්ධනය මහතා, කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ එහි බලපෑම පිළිබඳ විමසා බැලීමටද යොමුවිය.