ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා ආයතනික විවිධත්වය හා අන්තර්ගතය වෙනුවෙන් වන ගෝලීය වැඩසටහනෙහි කොටසක් ලෙස සිය සේවක සම්පත් සමූහය වෙනුවෙන් අලියාන්ස් ලංකා කාන්තා නායකත්ව වැඩසටහන (WIL ERG) පසුගියදා දියත් කරනු ලැබීය.
කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී දියත් කළ මෙම නවතම වැඩසටහන සඳහා ආසියා පැසිෆික් කලාපයේ ජීවිත හා සෞඛ්‍ය රක්ෂණ පිළිබඳ කලාපීය ප්‍රධාන විධායක නිලධාරිනී හා WIL ERG සඳහා වන කලාපීය උපදේශිකා අනූෂා තවරාජා, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හා අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි අධ්‍යක්ෂ හා WIL ERG සඳහා වන මෙරට උපදේශක ශිරෝමාල් කුරේ, ශ්‍රී ලංකාව, මාලදිවයින හා කැනඩාව යන රටවල Women in Management හි නිර්මාතෘ හා සභාපතිනි ආචාර්ය සුලෝචනා සිගේරා, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් යන මහත්ම මහත්මීන් මෙන්ම අලියාන්ස් ලංකාහි ඉහළ කළමනාකාරීත්වය, ඒ ඒ අංශ හා ශාඛාවන් නියෝජනය කරමින් නියෝජිත මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.
මෙම කාන්තා නායකත්ව සේවක සම්පත් සමූහයේ අරමුණ වන්නේ අලියාන්ස් ලංකාහි සියලුම කාන්තා සේවකයන්ගේ රැකියා, වෘත්තීය සහ පුද්ගලික සංවර්ධනය සඳහා නිරන්තර සහයෝගය ලබා දීමයි.
කාන්තා සේවිකාවන් සවිබල ගැන්වීම මෙන්ම ඔවුන් පුහුණු කිරීම, අධ්‍යාපනය ලබාදීම වැනි සේවාවන් ලබාදීමටද ඒ තුළින් අපේක්ෂා කරනු ලබයි. ඊට අමතරව මෙම වැඩසටහන තුළින් මාසික පියවීම්, වෘත්තීය සංවර්ධනය සඳහා වන ආයතනික අධ්‍යාපන අවස්ථාවන් මෙන්ම විවිධ සහයෝගීතා අවස්ථාද ඔවුන් වෙත ලබාදීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.
එහිදී ඔවුන් නායකත්ව සංවර්ධන වැඩසටහන් වෙත සම්බන්ධ කරමින් ඔවුන් වෙත එම අවස්ථාවන් ලබා දීමට කටයුතු කිරීම තුළින් ඔවුන්ගේ වෘත්තීය ශක්තිමත්භාවය ඉහළ නැංවීමටද හේතුවනු ඇත.
විවිධ පවුල් පසුබිම්වලින් පැමිණි සේවිකාවන් හට පූර්ණ කැපවීමෙන් යුතුව රාජකාරී කටයුතු සිදුකිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් මෙම කමිටුව අලියාන්ස් ලංකාහි එක් එක් අංශ නියෝජනය කරනු ලබන සේවිකාවන්ගෙන් සමන්විත වේ.