ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම (TRCSL) මගින් සංවිධානය කළ, 2019 විදුලි සන්දේශ ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ 07, එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාව දිනා ගැනීමට හච් සමත් විය. විදුලි සන්දේශ ක්ෂේත්‍රයේ කණ්ඩායම් අටක් අතරෙහි පැවති තියුණු තරගාවලියකින් අනතුරුව, හච් ටෙලිකොමියුනිකේෂන් කණ්ඩායම කිරුළ දිනා ගත්තේය. විදුලි සන්දේශ නියාමන කොමිසමේ, අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි විය.











