රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමග කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වහාම සෞඛ්‍ය අංශ සමග ගත යුතු ඉදිරි පියවර පිළිබද සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.
එහිදී පාර්ලිමේන්තුවේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය වත්පිළිවෙත් සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවක් දැනගන්නට ඇත.
එමෙන්ම දයාසිරි ජයසේකර මහතා සමීපව ආශ්‍රය කළ මැතිඇමැතිවරුන් කිහිප දෙනකුම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා ඉකුත් සතියේදීම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වී සිටියේ නැත.










