සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙහි වත්කම් කළමනාකරණ ආයතනය වන සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් (Softlogic Invest) සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙන් (SEC) බලපත්‍රය ලබා ගැනීමෙන් පසු මෑතකදී Softlogic Equity Fund, Softlogic Money Market Fund යන නමින් ඒකක භාර අරමුදල් දෙකක් ආරම්භ කර ඇත- මසකට රුපියල් 5000ක අවම ආයෝජනයක් සමඟ මෙම ආයෝජන ක්‍රම දෙක ඕනෑම පුද්ගලයෙකුට ආරම්භ කළ හැකිය.
ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්රය තුළ විශිෂ්ටත්වය ළඟා කර ගත් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සහ සොෆ්ට්ලොජික් Stockbrokers යන සොෆ්ට්ලොජික් මූල්‍ය සේවා සමූහයට අයත් සමාගම්වල වසර ගණනක පරිණත බව කැටි කර ගනිමින් සොෆ්ට්ලොජික් Asset Management සමාගම ස්ථාපිත කිරීමට සොෆ්ට්ලොජික් සමූහය කටයුතු කර ඇත.











