කොවිඞ්-19 ආසාදනයට ලක්වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් පසුගියදා රජයට අධි තාක්ෂණික වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලදී.
කොවිඞ්-19 වැලැක්වීම වෙනුවෙන් පත්කර තිබෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඕස්ටේ්‍රලියාවේ නිෂ්පාදිත මෙම Resmed Stellar 100 වෙන්ටිලේටර් යුගලය අප්‍රේල් 16 වැනිදා යුධ හමුදා මූලස්ථානයේදී පරිත්‍යාග කරන ලදී.
සෙලින්කෝ ලයිෆ් විසින් රජයේ වෛද්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් සැපයීම යටතේ සිදුකළ නවතම පරිත්‍යාගය මෙය වේ. මේ වසරේ මුල් කාලයේදී සමාගම විසින් ත්‍රිකුණාමලය මහ රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කීමෝ තෙරපි ඒකකයක් පරිත්‍යාග කළ අතර රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක 05ක්ද පරිත්‍යාග කරන ලදී.











