පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව බස්නාහිර පළාත තුළ ජංගම ATMසේවා දියත් කර ඇත. මෙම සේවාව හරහා නිවසෙන් දිගු දුරක් බැහැරව නොගොස් සිය මූලික බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමටත්, නේෂන්ස් ජංගම බැංකුකරණ සේවාවට සහ අන්තර්ජාල බැංකුකරණ සේවාවට ලියාපදිංචි වීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ.
නේෂන්ස් ජංගම ATM සේවාව, පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා ක්‍රියාත්මක කෙරේ. එම කාලය තුළ මහල් නිවාස සංකීර්ණ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු යොදා ඇත. LankaPay සේවා පහසුකමින් යුතු ජාල සහිත අනෙකුත් දේශීය බැංකුවල පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය බැංකු ATM කාඞ්පත් හිමියන්ටද මෙම සේවාව හරහා රු.100,000ක් දක්වා මුදල් ආපසු ලබා ගත හැකිය.
මෙම ජංගම ATM රථයේ ගමන් මාර්ගය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නිල ෆෙස්බුක් පිටුවේ (www.facebook.com/nationstrustbank) තිබෙන Link එකක් මගින් දැක ගත හැක. ඒ තුළින් ගනුදෙනුකරුවන්ට රථය පැමිණෙන තුරු අතරමග රැදී සිටීමට සිදු නොවන අතර මෙය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවලබ දීමට ගත පියවරක් ලෙස සැලකිය හැක.











