• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කොරෝනාවට බය නැති සත්තු

May 4, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
කොරෝනාවට බය නැති සත්තු
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය හින්දා උඩු යටිකුරු වුණු රටේ ජන ජීවිතය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බවක් පෙනෙන්නට තියෙනවා. ඒත් මාර්තු මාසෙ මුල වෙද්දී, තිබුණු රට ආයෙ කවදා අපිට දකින්න ලැබේවිද කියන එක නම් තාම කාටවත්ම කියන්න බැහැ. ඇඳිරි නීතිය ඉවත් කෙරුවත් ඉස්සර වගේ හිතුමතේ රට පුරා ඇවිදින්න නිදහසක් දැන්මම ලැබෙන එකක් නැහැ. සමහර විට මේ අවුරුද්ද පුරාවටම ඒක එහෙම වේවි.

ඇවිදින්න පුරුදු වුණාම එක තැනකට කොටු වෙලා ඉන්න එක හරිම අමාරුයි. අපිට විතරක් නෙවෙයි ලෝකය පුරා හැම දෙනාටම ඒක පොදුයි. ඒ හින්දා ගෙදර ඉඳගෙනම සංචාරයක අත්දැකීම විඳින්න තියෙන ඉඩකඩ පිළිබඳව දැන් ගොඩ දෙනකුගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේකට අපූරු විසඳුමක් පසුගිය දවසක සොයා ගෙන තිබුණා. ලෝකයේ ප්‍රකට සත්වෝද්‍යාන කිහිපයක් සහ කෞතුකාගාර කිහිපයක් තමයි මේ වැඬේ පටන් අරගෙන තිබුණේ. සත්වෝද්‍යානයක් සහ කෞතුකාගාරයක් නැරඹීමේදී ලැබෙන අත්දැකීම ඒ විදියටම ලබා ගැනීමේ අවස්ථාව මේ හරහා ලෝකයේ හැම දෙනාටම ලැබිලා තියෙනවා. නවීන තාක්ෂණයෙන් යුතු කැමරා උපයෝගී කරගෙන තමයි මේ වැඬේ කරන්නේ. ඒ හරහා ඉතාම පැහැදිලි වගේම තාත්වික දර්ශණ නරඹන්නන් වෙත ලබා දෙනවා. මේ වෙද්දී ලෝකයේ ප්‍රධාන පෙළේ සත්වෝද්‍යාන කිහිපයක් සහ කෞතුකාගාර කිහිපයක්ම මේ වැඬේ පටන් අරන්. ඒ ගැන තොරතුරු තමයි මේ කියන්නේ. ඒ වැඬේ කොයි තරම් සාර්ථකයිද කියලා බලන්නකෝ.

EDINBURGH ZOO, SCOTLAND

ස්කොට්ලන්තයේ එඩින්බරෝ සත්වෝද්‍යානයත් ලෝ පුරා සංචාරයන්ගේ ආකර්ෂණය හැම විටම හිමි වූ තැනක්. එම සත්වෝද්‍යානයේ දර්ශණත් මේ වෙද්දී සජීවී කැමරා ඔස්සේ නරඹන්න හැකියාව තියෙනවා. කොටි, පැන්ඩා, පෙන්ගුවින්
ඇතුළු සත්ව විශේෂ රාශියක් මේ සත්වෝද්‍යානයේත් ජීවත් වෙනවා. https://www.edinburghzoo.org.uk/webcams හරහා ඒ දර්ශණ නරඹන්න පුළුවන්.

DUBLIN ZOO, IRELAND

ලෝ ප්‍රකට තවත් සත්වෝද්‍යානයක් වන අයර්ලන්තයේ ඩබ්ලින් සත්වෝද්‍යානයත් සජීවී කැමරා හරහා සියළුම සතුන්ගේ දර්ශණ ලොව පුරා විකාශණය කිරීමට කටයුතු කරලා තියෙනවා. අලි, ජිරාෆ්, පෙන්ගුවින් ඇතුළු සතුන්
රැසකගේ සජීවී දර්ශණ මේ හරහා බලා ගන්න පුලුවන්. https://www.dublinzoo.ie/animals/animal-webcams/එහි වෙබ් ලිපිනය.

SAN DIEGO ZOO, CALIFORNIA’

මේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ලෝ ප්‍රකට සත්වෝද්‍යානයක්. මේ වෙද්දි කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඇමෙරිකාවට තමයි එල්ල වෙලා තියෙන්නේ. ඒ හින්දා එහි සත්වෝද්‍යාන සියල්ලම නරඹනන්ගෙන් හිස් වෙලා. නරඹන්නන් නොමැතිව වුණත්, සත්වෝදා්‍යනයේ ඉන්න සත්තු තමන්ට පුරුදු විදියටම කල් ගත කරනවා. බැබුන්, කෝලා ඇතුළු දුර්ලභ සත්ව කොට්ඨාෂ රාශියකින් යුතු සැන් දියාගෝ සත්වෝද්‍යානයේ සියළුම දර්ශණ සජීවී කැමරා ඔස්සේ දැක බලා ගන්න දැන් හැම දෙනාටම අවස්ථාව තියෙනවා. https://animals.sandiegozoo.org/live-camsවෙබ් ලිපිනය ඔස්සේ එම අවස්ථාව උදා කර ගන්න ඔබටත් පුළුවන්.

HOUSTON ZOO, TEXAS

හැම දෙනාගේම ආදරය දිනා ගත්ත ජිරාෆ් සතුන් වැඩි ප්‍රමාණයක් වාසය කරන සත්වෝද්‍යානයක් හැටියට ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් සත්වෝද්‍යානය ප්‍රකටයි. ඒ හින්දම මේ දිනවල ජනශූන්‍ය වුණු හූස්ටන් සත්වෝද්‍යානයේ ජිරාෆ් සතුන් කල් ගෙවණ ආකාරය ලොව පුරා සත්වලෝලීන්ට දැක ගැනීමේ අවස්ථාව එහි පාලනාධිකාරිය විසින් උදා කරලා තියෙනවා.

EXPLORE.ORG LIVE CAMS, KENYA’

ලෝකයේ සත්ව විවිධත්වය අතින් ඉතාම සුවිශේෂි කලාපයක් තමයි අප්‍රිකාව. ඒ හින්දා අප්‍රිකාව තුළ පිහිටි සත්වෝද්‍යාන බොහෝ දෙනකුගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා. මේ වෙද්දී අප්‍රිකානු කලාපයත් කොරෝනා වෛරසයේ අවධානනමට දැඩිව ලක් වෙලා. සංචාරකයන් නොමැති කමින් පාළුවට ගිය අප්‍රිකානු සත්වෝද්‍යාන කිහිපයකම දර්ශණ තම වෙබ් අඩවිය හරහා ගෙන ඒමට මේ වෙද්දී ැංචකදරුගදරට කටයුතු කරලා තියෙනවා. අප්‍රිකානු සත්ව විවිධත්වය සජීවීව අත් විඳින්න කැමැති හැම දෙනාටම ඒ හරහා අවස්ථාව උදා වෙලා තියෙනවා. https://explore.org/livecams/african-wildlife/african-animal-lookout-camera තමයි ඒ සඳහා පිවිසිය යුත්තේ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මැකො අහපු දේට නීතිපති උත්තරේ එවයි

Next Post

සෙලින්කෝ ලයිෆ් වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.