මහබැංකු ඉතිහාසයේ කිසිදු දිනෙක නොවූ පරිද්දෙන් විදෙස් දේශපාලන පක්ෂයක සැමරුම් උත්සවයක් නිමිත්තෙන් විශේෂ කාසියක් නිකුත් කිරීමට මහබැංකුව සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීසී) සියවස් සැමරීම සඳහා විශේෂ කාසියක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත් අද වාර්තා කොට ඇත.
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම තීරණය සනාථ කර ඇති නමුත් ඒ පිළිබද වැඩිදුර විස්තර අනාවරණය කොට නැත.
විදේශ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන්හි වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කිරීම සඳහා සමරු කාසි නිකුත් කිරීම සාමාන්‍ය සිදුවීමක් වුවද මේ ආකාරයට විදෙස් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන මහ බැංකුව කිසිදු අවස්ථාවක සමරු කාසියක් මීට පෙර නිකුත් කොට නොමැත.