ශ්‍රී ලංකාවේ නොසැලෙන විශ්වාසයක් දිනූ මූල්‍ය සේවා සමාගමක් වන සෙලාන් බැංකුව සහ රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අස්සන් තැබිණි. මේ යටතේ තමන් මෙතෙක් සිහින දුටු වාහනය ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට සහනදායී ලීසිං සේවාවන් පිරිනැමීමට නියමිතය.
මෙම එකඟතාව යටතේ ගනුදෙනුකරුවන්ට විශේෂ පොලී අනුපාත, නොමිලේ වාහන ලියාපදිංචිය, තමන් කැමැති රක්ෂණ සමාගමකින් රථවාහන රක්ෂණ ලබාගැනීමේදී වාරික සඳහා වට්ටම්, නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සහ නොමිලේ රථවාහන උපාංග හිමිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. එපමණක් නොව සෙලාන් බැංකුවේ සියලුම ගනුදෙනුකරුවන් සහ එම බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමටද ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමාගම කටයුතු යොදා තිබේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව සෑම විටම සිය ගනුදෙනුකරුවන්ගේ සිහින සැබෑකරදීමේ නව මං සෙවීමට උත්සාහ දරයි. ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමග අස්සන් තබන ලද මෙම ගිවිසුමද එම උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයකි.