පුංචි තිරය හරහා ඔබේ හදවත සොරාගත් දිගු කොණ්ඩකාරිය ඇයයි. එසේම පුංචි තිරයේ අහිංසකාවියද ඇයයි. සම්මානනීය රංගන ශිල්පිනියක වුවද හිටි හැටියේ ඇගේ රුව පුංචි තිරයෙන් අතුරුදන් වූයේ නොසිතූ අයුරිනි. ඉතින් ඒ දිගු කෙස් කළඹක් හිමි අහිංසකාවිය ගයත්‍රී රාජපක්ෂ සොයා ‘හාට්’ අපි පසුගිය දිනක ඇගේ හදවතට සමීප වුණා.
ගයත්‍රී නැවත ලංකාවට පැමිණියේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නද?
අනේ නැහැ. මම මාස තුනෙන් තුනට ලංකාවට එනවා. ඒත් මේ ගමන ආවේ ටිකක් පරක්කු වෙලා. දැන් ඇවිත් මාස දෙකක් විතර වෙනවා.
මේ හිටිය කාලසීමාවට නිර්මාණවලින් ආරාධනා ලැබුණේ නැද්ද?
ඒකාංගික ටෙලිනාට්‍යවලින් ආරාධනා ලැබුණා. ඒත් මම ගියේ නැහැ. පවුලේ අයත් එක්ක ගෙදරට වෙලා විවේකීව හිටියා.
විදේශ රටක ජීවත් වුණත් පුතාගේ වැඩකටයුතු නිසා පාළුවක් නැතුව ඇති?
ඇත්තටම පුතාගේ වැඩ ටිකත් එක්ක දවස ගෙවනකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. ලබන වසරේ ඉඳලා පුතා පෙරපාසල් යනවා.
ගයත්‍රී කොච්චර කාලෙකින් රඟපෑවේ නැද්ද?
අවුරුදු දෙකකින් විතර රඟපෑවේ නැහැ. රඟපාන්න ආශාව තිබුණත් ඒ වෙනුවෙන් කාලය යොමු කරන්න ගොඩාක් අමාරුයි. එහෙම වුණා කියලා කලාවෙන් ඈත් වෙන්නේ නැහැ.
ක්ෂේත්‍රයේ හිතමිතුරන් එහෙම හමුවුණේ නැද්ද?
කිසිම කෙනෙක් හමුවුණේ නැහැ. මම ගියෙත් නැහැ කිසිම කෙනෙක් මුණගැහෙන්න.