සෙලාන් බැංකුව මෙරට ව්‍යවසායකත්වය නැංවීමේ අරමුණින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන මෙම වසරේ වැඩමුළු මාලාවක් සංවිධාන කිරීමට කටයුතු කළේය.
ශ්‍රී ලාංකික ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැලකෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. මෙම ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය දැනුම වර්ධනය කරවමින් ඔවුන්ට ව්‍යාපාරික ලෝකයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබාදීම සඳහා සෙලාන් බැංකුව තිස්සමහාරාමය, සියඹලාණ්ඩුව සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙම වැඩමුළු සංවිධාන කරන ලද අතර එම වැඩමුළුවලට 400කට අධික පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වය සහිතව පවත්වන ලද මෙම වැඩමුළුවලදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම ගොවි ප්‍රජාවද දැනුවත් කෙරිණි. ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන යන ආකාරය මෙන්ම එලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී මතුවන අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් දැනුවත් කරන ලදී.
මීට අමතරව ව්‍යවසායකත්වය සහ රටේ වර්තමාන සාර්ව ආර්ථික පසුබිම හමුවේ ඊට ඇති අභියෝග සම්බන්ධයෙන්, වඩාත් පුළුල් මට්ටමේ වැඩමුළු දෙකක් මහනුවර සහ අම්පාර යන ප්‍රදේශවලදී පැවැත්විණි. මහනුවර ප්‍රදේශයේ වැඩමුළුව සඳහා මධ්‍යම පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ දායකත්වයද හිමිවිය. ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රජා නායකයන් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු සහ ප්‍රතිපත්ති සම්පාදනය, අන්තර්ජාතික වෙළෙඳාම, මූල්‍ය සේවා, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සහ ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදනය යනාදී ක්ෂේත්‍රවල ප්‍රවීණයකු වන හසිත විජේසුන්දර මහතා විසිනි.
මෙම වසරේ පැවති වැඩමුළුවලට අමතරව සෙලාන් බැංකුව පසුගිය වසරේදීද වැඩමුළු 7ක් පවත්වන ලද අතර ඊට 425 දෙනෙකු සහභාගී වූහ. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට තවදුරටත් උරදීම සඳහා සෙලාන් බැංකුව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අපනයන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගෙන සංවිධාන කරන ලද වැඩමුළුවකට අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, ලංකා වාණිජ මණ්ඩලය මගින් VAT සහ NBT ඇතුළු බදු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වූ වැඩසටහනකටද අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේය.