ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම අත්හිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ඒ අනුව ඊයේ (05) රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ගැනීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ආණ්ඩුවේ මෙම තීන්දුවත් සමග නිදහස් චතුරශ්‍රයේ අමෙරිකානු ගිවිසුමට එරෙහිව උපවාසයක නිරතව සිටි උඩුදුම්බර කාශ්‍යප හිමියෝ එම උපවාසය අත්හැර දැමීමට කටයුතු කළහ.