සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව කොවිඞ්-19 වසංගත කාලය තුළ සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන් ඇතුළු මෙරට සියලු දරුවන් වෙනුවෙන් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ නවෝත්පාදන ඩිජිටල් ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කළේය. වසංගත තත්ත්වය හමුවේ රට වසා දමා තිබූ කාලය තුළ ද එම ඩිජිටල් ක්‍රියාකාරකම්වලින් ජයග්‍රහණය කළ දරුවන් හට ඔවුන්ගේ නිවෙසටම යැවීමටද සෙලාන් බැංකුව කටයුතු කළේය.
ළමා ඉතිරිකිරීමේ ගිණුම් ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛතම සන්නාමයක්වන සෙලාන් ටිකිරි, වසර පුරාම දරුවන් වෙනුවෙන් නවෝත්පාදන සහ විනෝද ක්‍රියාකාරකම් රැසක් දායාද කර ඇත. එම ප්‍රයත්නයේ තවත් ඉදිරි පියවරක් තබමින් සෙලාන් ටිකිරි, සෙලාන් බැංකුවේ අගනාම පාරිභෝගික කාණ්ඩය උදෙසා අඛණ්ඩව වැඩසටහන් දියත් කිරීමට කටයුතු කළේය. මෙම කාලය පුරා ඩිජිටල් මාධ්‍ය තුළ වඩාත් සක්‍රීයම බැංකුකරණ සේවාව මෙන්ම ‘පුංචි අපේ ටිකිරි අවුරුදු, නිවාරණ දිනපොත, ටිකිරි චෑම්ප්ස් සහ ටිකිරි වෙසක් පැතුම’ ආදී ක්‍රියාකාරකම් හරහා අඛණ්ඩව දරුවන් සමග ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වුණු එකම ළමා ඉතිරිකිරීමේ ගිණුම බවටද සෙලාන් ටිකිරි ගිණුම පත් විය.











