ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශනය වන ‘සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ’ එළඹෙන නොවැම්බර් 08 වැනි දින සිට නොවැම්බර් 10 වැනි දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නිමිතයි. එය සංවිධාන කරනු ලබන්නේ ‘ඒෂියා එක්සිබිෂන් ඇන්ඞ් කන්වෙන්ෂන්ස් සමාගම’ (Asia Exhibitions & Conventions) මගිනි.
අඛණ්ඩව 6 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා සහ නිල බැංකුව ලෙස සෙලාන් බැංකුව ඉදිරිපත්ව සිටියි. සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයගේ වාහන සිහිනය සැබෑකර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට මෙන්ම නිසි සුදුසුකම් සපුරා ඇති අයට එම ස්ථානයේදීම ලීසිං පහසුකම් පිරිනැමීමට සෙලාන් බැංකුව පහසුකම් සලසා ඇත.
මෙවරත් සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ ප්‍රදර්ශනය නැරඹීමට 100,000කට අධික පිරිසක් ඇදී එනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහිදී සුඛෝපභෝගී රථ, SUV වර්ගයේ රථ, Sports වර්ගයේ රථ සහ පැරණි මෝටර් රථ ඇතුළු වර්ග රැසකට අයත් වාහන ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. එමෙන්ම පැමිණෙන්නන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් මෝටර් රථ සහ යතුරුපැදි සංදර්ශන පෙළකින්ද වර්ණවත් වීමට නියමිතයි.
සෙලාන් බැංකුව, රථවාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සැමට සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ නැරඹීමට පැමිණෙන මෙන් ආරාධනා කර සිටී.