පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව හෙට (23) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම කමිටුව අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලුම වගකිවයුතු ආරක්ෂක නිලධාරීන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
දැනට වාර්තා වන තොරතුරුවලට අනුව ප්‍රධාන නිලධාරීන් ඇතුළු දේශපාලන ප්‍රධානීන්ටද මෙහි බරපතළ චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු පියවර රැසක්ද මෙහි දැඩිව අවධාරණය කර ඇති බවක්ද දැනගන්නට ඇත.










