ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් ප්‍රධාන කදවුරු දෙකම දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව දැනගන්නට ඇත.
ඉකුත් ජනාධිපතිවරණ සමයන්හිදී ප්‍රධාන කදවුරු දෙකටම විශාල වශයෙන් විදෙස් මුදල් සහ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලැබුණද මෙවර එවැනි තත්ත්වයක් දැකගැනීමට නොලැබීම මීට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
මේ තත්ත්වය මත දෙපාර්ශ්වයම විද්‍යුත් හා මුද්‍රිත ප්‍රචාරක දැන්වීම් පළ කිරීම දැඩි ලෙස සීමා කර ඇති බවද දැනගන්නට ඇත.










