සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට Facebook සමාජ මාධ්‍ය ජාලය භාවිතයෙන් තම ව්‍යාපාර වැඩිදියුණු කරගන්නා ආකාරය පිළිබඳ මගපෙන්වීමක් ලබාදීම සඳහා විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් (webinar) පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය.
Zoom, YouTube සහ Facebook හරහා සජීවීව විකාශනය කරන ලද මෙම සම්මන්ත්‍රණයට 1,000කට ආසන්න පිරිසක් එක්වූහ.
‘වත්මන් වාතාවරණය තුළ ව්‍යාපාර වර්ධනය වේගවත් කරගැනීම සඳහා ඵලදායී ලෙස Facebook භාවිත කරමු‘ යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නැංවීම සඳහා අවශ්‍ය වන ඩිජිටල් මෙවලම් හඳුන්වා දීම ඉලක්ක කරගෙන සෙලාන් බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් මාලාවක එක් වැඩසටහනකි. ආර්ථික වශයෙන් අවිනිශ්චිත මෙවැනි කාලවලදී, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ක්ෂුද්‍ර පාරිභෝගික අංශවලට සිය තරගකාරීත්වය පවත්වා ගැනීමට අත්වැලක් වීම සඳහා, විවිධ විෂය කරුණු යටතේ නිපුණතා සංවර්ධන වැඩසටහන් සංවිධාන කිරීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් පියවර ගනී. දැනට පවතින COVID-19 තත්ත්වය තුළ, සමාජ මාධ්‍ය ඔස්සේ තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන් ව්‍යවසායකයන්ට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීම අරමුණු කරගෙන මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.