• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇමැති එක්ක පැටලුනු බච්චන් මිනිබිරිය

March 21, 2021
in Heart
Reading Time: 1 min read
A A
ඇමැති එක්ක පැටලුනු බච්චන් මිනිබිරිය
Share on WhatsAppShare on Facebook

උතුරු ඉන්දියානු සිනමාව තුළ පියකරු ප්‍රතිරූපයක් සතු බච්චන් පවුල කවදත් පුවත් මවන්නට හරි රුසියෝය.
එලෙසම ඒ පුවත් බොහොමයකම වූයේද මඩ හෝ කළු පැල්ලම්වලින් තොර වූ තොරතුරුය. එය විටෙක සංවේදීය. තවත් විටෙක හරි මිහිරිය.
ඒ වාගේම බච්චන්ලා ගැන ගොසිප් අසන්නටද ඔවුනට ප්‍රිය කරන රසිකයන්ට ඇත්තේ පුදුම උණකි. එදාවේල කන්නට නැති සමහර ඉන්දියානුවෝ බච්චන් පවුල සුපිරි පන්නයේ නිවාඩු නිකේතනයකට ගිහින් සැප ගන්නා ආකාරය ගැන සෙල්ෆි බලමින් තම හිත් සනහා ගනිති.
අද මේ කියන්නට යන්නේද බච්චන්ලා ගැන තොරතුරකි.
එය ටිකක් අමුතුය. දේශපාලන මුහුණුවරක් ගත් එහි තරුණ යුවතියකගේ එඩිතර ස්වභාවයද මනාව පිළිබිඹු කොට ඇත. පුවතට මුල්ව ඇත්තේ අමිතාබ් බච්චන් මිනිබිරියගේ සහ ඉන්දීය ෆැෂන් කෙලි කොල්ලන්ගේ ප්‍රියතම මෝස්තරයක් වූ ඉරුණු ඩෙනිමය.
ආරාධ්‍යා බච්චන් තවම පුංචි දැරිවියක්. මොනවද මේ කතා.
අමිතාබ්ට මිනිබිරියන් දෙන්නෙක් සිටිති. ආරාධ්‍යා ඇරුණුකොට අමිතාබ්ගේ එකම දුවණිය වූ ස්වේතා බච්චන්ටද අපූරු දුවක් වේ. රාජ් කපූර්ටද ඈතට වාගේ නෑකම් කියන ඈ ‘නව්‍යා නවේලි නන්දාය’. නවේලි උගත්, බුද්ධිමත් හැඩකාර කෙල්ලකි.
ඉතින් මොනවද දැන් නව්‍යා පත්තු කර තිබෙන අලුත්ම ගොසිප් එක.
ගොසිප් එක අවුලවාලීමට ගිනි තබා ඇත්තේ උත්තර් ප්‍රදේශයේ මහ ඇමැති ටිරක් සිං රාවත්ය. අවුරුදු 25 යම්තමට සම්පූර්ණ වූ නව්‍යා නවේලි ගැටී ඇත්තේ දේශපාලන බලවතකු සමගය.
හේතුව මොකක්ද? ඉරුණු ඩෙනිමක කතාව එයට සම්බන්ධ වූයේ කොහොමද?
කතාව මෙහෙමය.
නව්‍යා නවේලි නන්දා තමා අවසන් වසර සඳහා අධ්‍යාපනය ලබන භැඅ හදරන .ත්‍දරා්යප ඹබසඩැරජසඑහ. එකේ මිතුරියන් සමඟ එක්ව තම නවතම පින්තූර නිකුතුව එළිදක්වා ඇත. ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පෙළින් පෙළට පලවූ එම පින්තූර සමූහයෙහි නව්‍යා සමඟ ඉන්දීය කෙල්ලන් සේම යුරෝපීන් කෙල්ලන්ද පෙනී සිටියේ තැනින් තැන ඉරා දැමූ ඩෙනිම් ඇඳගෙනය.
අයිෂ්වර්යා, අභිෂේක් සමඟ ඡයා බච්චන් ඇතුළු නව්‍යාගේ ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් එම පින්තූරවලට සොඳුරු කමෙන්ටු එක්කර තිබුණු අතර, එහි ප්‍රධානම අදහස වී තිබුණේ,
‘නව්‍යා ඔබ කෙතරම් අපූරු කෙල්ලක්ද’ යන්නය.
සියල්ල එසේ සිදුවන විට උත්තර් ප්‍රදේශයේ මහ ඇමැති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේ තරුණ ඉන්දීය කතුන් ඉරුණු ඩෙනිම් ඇඳ උජාරුවට සෙල්ෆි ගැනීම ඉතා අශෝභන ක්‍රියාවක් බවය. ඒ අතරම මාපියන් සහ වැඩිහිටියන් එය අගය කරමින් කරන විකාර කියමන්ද ඉන්දියානු සදාචාරයට පටහැනිය කියාද පැවැසූ ‘රාවට්’ ඒ සඳහා වක්‍රව ඉදිරිපත් කර තිබුණේ නව්‍යාගේ නවතම සේයාරූ එකතුවය.
නව්‍යාට නහුතෙට තදවුණාද?
ආයෙත් අහලා. නව්‍යා නවේලි කියන්නේ ඉන්දියානු සමාජයේ කුස්සිය මුල්ලට ගිය කෙල්ලක් කියල හිතනවද?
‘නව්‍යා’ සමාජමය අවබෝධයෙන් පරිපූර්ණ නවීන පන්නයට හැඩගැහුණු එකියකි.
දැන් මොකද වෙලා තියෙන්නේ ‘ටිරක් සිං රාවට්’ හත්පොලේ ගාගෙනද?
සිදුව ඇත්තේ එවැන්නකි.
ඉන්දීය කතුන්ගේ ඇඳුම් මාරු කිරීමට පළමුව ‘ටිරක් සිං රාවට්’ තම මානසිකත්වය සහ තනතුර ගැන සිතට ගතයුතුද.
ගී යනුවෙන් නව්‍යා නවේලි ප්‍රසිද්ධ මාධ්‍යයක් හමුවේ පවසා ඇත්තේ සුදු පාට ෂෝට් බ්ලව්සයක් සමඟ දහපොළක් පමණ ඉරී ගිය ඩෙනිමක් ඇඳ ගත් තම ඡායාරූපයක්ද ඒ සමඟ අමුණමිනි.
‘ඔබට දැනුණු හැඟීම් තේරුම් ගත නොහැකිය. කරුණාකර මනෝ උපදේශනය සඳහා යොමුවන්න’ යැයි නව්‍යා උත්තර් ප්‍රදේශ මහ ඇමතිට කදිම නක්කලයක්ද දමා ඇත.
‘අමිතාබ්ගේ මිනිබිරියට එච්චර හයියක්’
අමිතාබ්ගේ මිනිබිරිය පමණක් නොව මිස් යුනිවර්ස් කිරුළ දැරූ ප්‍රවීණ මොස්තර නිරූපිකාවක සහ සමාජ සේවිකාවක වන ‘ගුල් පැනග්’ සමග ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිධාරී දේශකවරියක සහ සම්මානනීය නිළියක වන ‘ස්වාරා බාස්කර්’ද උත්තර් ප්‍රදේශ මහ ඇමැති ලුණු ඇඹුල් ඇතුව කියන්නට ඕනෑ ටික මාධ්‍යයට පවසා ඇත.
‘ඔබ මොන මිනිහෙක්ද සර්, කතුන්ගේ ඉරුණු ඩෙනිම, අසරණ කාන්තාවන්ගේ සහ බාල දැරියන්ගේ දූෂණ නඩුවලට වඩා ලොකුවට පෙනුනේ ඔබ යම් භීතිකාවකින් පෙලෙන නිසාදැයි’ යනුවෙන් පවසා තිබුණේ ස්වාරා බාස්කර්ය.
ඒ අතර ගුල් පැනග් අසා තිබුණේ ‘ඔබේ වැදගත් නිලතල ගැන අපට ලැජ්ජයි සර්. ඉරුණු කාන්තා ඩෙනිමක් ගැන ප්‍රසිද්ධියේ ඇඟිල්ල දිගුකළ පළමු දේශපාලකයා භාරත මාතාවගේ භූමියේ ඉපදීම ගැන කාන්තාවක ලෙස මම කනගාටු වෙමි’ කියාය.
නොසිතූ ලෙස ඉරුණු ඩෙනිම ‘රාවට්ගේ’ ප්‍රතිරූපය බ්ලැක් ලිස්ට් කර ඇත. නව්‍යාගේ සීයා අමිතාබ් මේ ගැන කියන්නේ මොනවද?
ඒ ගැන ආරංචියක් නැත. හැබැයි 25 හැවිරිදි නව්‍යා නවේලි නන්දා ඉන්දීය විද්‍යුත් මාධ්‍යවල කදිම තරුවක වී ඇත. ඇගේ සුවහසක් ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් ‘ටිරත් සිං රාවට්, ගෝ හෝම්’ යනුවෙන් උත්තර් ප්‍රදේශ ඇමැතිට සරදම් කොට ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සුපිරි කෝටිපති ජයග්‍රාහකයන්ට අගමැතිතුමන් අතින් චෙක්පත්

Next Post

AIA ඉන්ෂුවරන්ස්, සම්මානලාභී සමාගම්වලට සුබ පතයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.