සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.
එහිදී “කෝටිපති කප්රුක” 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණි. එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබුණේ අඹන්පොල අලෙවි නියෝජිත යූ.ඩී.එල්. දිනේෂ් කුමාර මහතායි.
තවද ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු 57,138,276ක මුදල දිනාගත් ගල්ගමුව ඒ.ජී.බී.ජී. කොඩිතුවක්කු මහතාටද එහිදී අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ ගල්ගමුව අලෙවි නියෝජිත ටී.එම්.එස්.බී. මැණිකේ මහත්මියයි.
මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු නිලධාරීන් සහභාගි විය.











