මෙරටට සිංහල පුවත්පතක් අවශ්‍ය බව මුල්ම වරට හඳුනාගැනුණේ 1862දීය. ඒ සර් චාල්ස් මැකංකි නම් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදීය. ඒ අනුව ගාල්ලේදී ලංකාවේ මුල්ම සිංහල පුවත්පත ආරම්භ කෙරුණේ ඒ ‘ලංකාලෝකය’ නමැති පුවත්පතයි. එදා ලංකාලෝකයෙන් මෙරට සිංහල පුවත්පතක අඩුව පිරිමැසුණේය. එහෙත් වැඩි කලක් යන්නට ප්‍රථම ‘ලංකාලෝකය’ නතර කරන්නට ප්‍රකාශකයන්ට සිදුවුවද ඉන් අනතුරුව සිංහල පුවත්පත් කලාවට නව පුවණතාවක් එක් කරමින් පුවත්පත් කිහිපයක්ම බිහි විය. ඒ අතරින් එම වර්ෂයේම බිහිවූ ‘ලක්මිණි පහණ’ සහ 1863දී ඇරැඹි ‘ලක්රිවි කිරණ’ පුවත්පත් විශේෂ වෙයි.
කුමාර











