දීපව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘදයාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී තම නවතම ශාඛාව පසුගියදා යාපනයේ රෝහල පාරේ අංක 388 දරන ස්ථානයේ ස්ථාපිත කරන ලදී.
සියපත ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සුමිත් කුමාරණතුංග සහ ජයන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පාරිභෝගික පිරිසකගේ හා සියපත ෆිනෑන්ස් කළමනාකාරීත්ව සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණු යාපනය නව ශාඛාව සියපත ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ 35 වැනි ශාඛාව වේ.
30 වසරක යුද්ධයෙන් පසු පිබිදෙන ආර්ථිකයක් සහිත ජනාකීර්ණ නගරයක් වන යාපනය නගරය උතුරු පළාතේ ප්‍රධාන වෙළෙඳ නගරය වේ. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, දේපළ ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියලුම මූල්‍ය සේවාවන් යාපන අර්ධද්වීපයේ විවෘත වූ මෙම සියපත ෆිනෑන්ස් නව ශාඛාව වෙතින්ද ලබාගත හැකය.