සම්පත් බැංකුව, සිරස ලක්ෂපති වැඩසටහන තුළින් ලෝකයක් හඳුනාගත් ෂුක්රා මුනව්වර් දියණියගේ ලැප්ටොප් සිහිනය සැබෑවක් බවට පත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇය වෙත හිමිකර දෙමිනි. සම්පත් බැංකුවේ කළමනාකරු – සන්නාම අලෙවිකරණය ලසිත සුරවීර මහතා විසින් ඇයගේ පාසලේ පවත්වන ලද පිළිගැනීමේ උත්සවයකදී එම ලැප්ටොප් පරිගණකය ෂුක්රා මුනව්වර් වෙත ලබා දෙන ලදී.
ලක්ෂපති වැඩසටහනෙහි නිල බැංකුකරු ලෙස කටයුතු කරන සම්පත් බැංකුව මෙම වැඩසටහන් ඉතිහාසයේ ප්‍රථම වරට සම්පත් විශ්ව ඔන්ලයින් මුදල් හුවමාරු සේවාව හරහා තරගකරුවන් ජයග්‍රහණය කරන මුදල් ඒ මොහොතේම ජයග්‍රාහකයන්ගේ ගිණුම් වෙත මාරු කිරීමට අවශ්‍ය දායකත්වය සපයනු ලබයි.











