හේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටලු විසඳීම සඳහා දීපව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි.
ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ සනීපාරක්ෂක තුවා සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගත් කාලෝචිත පියවරක් වන “Fems ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව දියත් කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහභාගි විය.











