ජංගම දුරකතන බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි.
මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට පාත්‍ර වුණු මෙම උළෙලේදී, හච් සම්මාන ද්විත්වයක්ම දිනා ගැනීම විශේෂත්වයකි.
2020 නායකත්ව සම්මාන උළෙලේදී හච් දිනා ගත් එම සම්මාන ද්විත්වය වන්නේ, “වසරේ හොඳම අලෙවිකරණ ව්‍යාපාරය” වෙනුවෙන් පිරි නැමෙන සම්මානය හා “වසරේ නැගී එන සන්නාමය” වෙනුවෙන් පිරි නැමුණු සන්නාමයයි.
හච් දියත් කළ “Be Anywhere” – 4G ආවරණ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් “වසරේ හොඳම අලෙවිකරණ ව්‍යාපාරය” ලෙසින් සම්මාන හිමි වී ඇති අතර, “වසරේ නැගී එන සන්නාමය” සඳහා වන සම්මානය පිරි නමා ඇත්තේ, 2020 වසර සඳහා සමාගමේ සමස්ත සන්නාම කාර්ය සාධනය ඇගයීමට ලක් කරමිනි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හච්හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී, රම්සීනා මෝර්සෙත් ලායි සඳහන් කළේ මෙවැන්නකි. “ලෝකයේ වැඩිම අවධානයක් හිමිවන සම්මාන උළෙලවලින් එකක් වන මෙම සම්මාන උළෙලෙහි සම්මානයක් හිමි කර ගැනීමට ලැබීම අපට ගෞරවයක් වගේම, ඉතාමත් ආඩම්බරයක්. අපගේ සමස්ත කණ්ඩායමෙහි කැපවීම සහ උනන්දුව නිසාම අපට මෙම සම්මාන දිනා ගැනීමට හැකියාවක් ලැබුණා. මෙලෙස සම්මානයට පාත්‍රවීම, අපගේ කාර්යයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට මෙන්ම, අද්විතීය ජංගම විසඳුම් පිරි නමමින් තවදුරටත් රටට සේවය සැලසීමට අපව පොලඹවනවා.”











