ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අකුරැස්ස ශාඛාව පළමු මහල, අංක 49 1/2, මාතර පාර, අකුරැස්ස යන ස්ථානයේදී විවෘත විය. එමගින් අකුරැස්ස අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියලු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසාදී තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය, සේවක මණ්ඩලය හා පාරිභෝගික මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
1962 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට විශාලතම රාජ්‍ය රක්ෂණ ආයතනයයි. මේ වන විට රුපියල් බිලියන 197කට අධික වත්කම් සම්භාරයකින් සහ රුපියල් බිලියන 105කට අධික ජීවිත රක්ෂණ අරමුදලක් හිමි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ස්ථාවරම රක්ෂණ ආයතනයයි.