සිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දු රැසක් ඉටු කරමින් සහන පැකේජයක් ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්‌දේ (2%) එකතුව වන 17% සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේය.
මිට අමතරව විදුලි සංදේශන බද්ද සියයට 25ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත.
විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම ඉදිකිරීම් කේෂ්ත්‍ර මත පනවා ඇති සියයට 28 ක බද්ද සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, උපයන විට ගෙවීම් සඳහා පනවා තිබෙන ආදායම් බද්ද, පොලී සඳහා මත පනවා තිබෙන රැඳවුම් බදු සහ ණය රැඳවුම් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.










