‘‘Uber Eats Cravings Report 2020’’ හි ශ්‍රී ලංකාවට අදාළ වාර්තාව නිකුත් කිරීමට Uber Eats පසුගියදා කටයුතු කළේය. එය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියම ආහාරපාන මොනවාද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ලබාදෙයි.
2019 වර්ෂයේ ජූනි මාසයේ සිට 2020 වර්ෂයේ ජූනි මාසය දක්වා වාර්තා වූ දත්ත විශ්ලේෂණය කිරීම මගින් මෙම වාර්තාව පිළියෙල කර තිබේ. එහිදී ශ්‍රී ලාංකිකයන් ආහාරපාන ගෙන්වා ගැනීමේදී වැඩියෙන්ම ඉදිරිපත් කළ ඉල්ලීම ‘එක්ස්ට්‍රා කෙචප්’ බව හෙළි වූ අතර, දෙවැනියට වැඩියෙන්ම කර තිබූ ඉල්ලීම වූයේ ආහාරපාන වඩාත් ‘කට දැවිල්ල ඇතිවන ආකාරයට’ පිළියෙල කිරීමයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී අතිශයින් ආචාරශීලී වී ඇති බවත්, ඉල්ලීම් අඩකට වැඩි සංඛ්‍යාවකට ‘කරුණාකර’ (Please) යන වචනය ඇතුළත් වී තිබූ බවත් අනාවරණය විය.
මෑතකාලීනව ඇති වූ ඇඳිරිනීතිය පැනවීම් වැනි සීමාවන් නිසා ආහාරපාන ඇණවුම් රටාවන් බෙහෙවින් වෙනස් වූ අතර, ඇණවුම්වලදී ‘උපන්දින විශේෂ ඉල්ලීම්’ නිතර ඉදිරිපත් වන බවක් දක්නට ලැබිණි. Uber Eats කවදත් මෙවැනි ඉල්ලීම් සතුටින් ඉටුකිරීමට සූදානමින් සිටී.