• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංසුපතිනියෝ නැවතුණේ ආණ්ඩු පෙරළිය හින්දා

August 8, 2020
in Heart
Reading Time: 1 min read
A A
ලංසුපතිනියෝ නැවතුණේ ආණ්ඩු පෙරළිය හින්දා
Share on WhatsAppShare on Facebook

ලංසුපතිනියෝ ටෙලිනාට්‍ය සමාප්ත විය. කොටස් සියයකින් ඔබ්බට ගියද ලංසුපතිනියෝහි සමාප්තිය බොහෝ විට බොහෝදෙනකු අනුමත නොකරන්නක් බවට ප්‍රේක්ෂකයන් අතර යම් කසුකුසු ඇතිවිය. එකී කසුකුසු අතර ප්‍රධානම මතය වූයේ ලංසුපතිනියෝ ටෙලියට කවුරුන් හෝ ප්‍රබලයකු විසින් බාල්දියක් පෙරලූ බවය. මෙහි සත්‍යතාවය කුමක්දැයි එහි නිෂ්පාදක සාරංග දිසාසේකරගෙන් අසා දැනගන්නට අපට තිබූ ඕනෑකම කතිකාවට පෙරළන්නට සාරංග ඉතාම සුහදව එක්වූයේ මෙලෙසය.
ලංසුපතිනියෝ අවසානය හිටිඅඩියේ සිදුවූවක් බවට තිබෙන කසුකුසුව ඇත්තක්ද සාරංග?
ඇත්තෙන්ම පළමුව කියන්නට ඕනෑ ප්‍රේක්ෂකයන් අතර තිබෙන ඒ කසුකුසුව අපට සතුටක්. ඒ කියන්නේ ලංසුපතිනියෝ ඉදිරියේ රාත්‍රි නවයට තවදුරටත් අසුන්ගන්න ඔවුන් බලාපොරොත්තුව ඉඳලා තියෙනවා. ඔබ ඇසූ ප්‍රශ්නයට උත්තර දෙවනුව දෙන්නම්. ලංසුපතිනියෝ කතාව තවදුරටත් ගෙනයන්න අප බලාපොරොත්තුව හිටියා. වැඩිදුර රූගත කිරීම් සඳහා පවා සැලැසුම්සහගතව දවස් වෙන් කරන්නට කල්යල් බලා උන්නාය කිව්වොත් තමා හරි.
සිදුවූයේ කුමක්දැයි ඇහුවොත් ඔබ උත්තරය දෙනවාද?
අනිවාර්යෙන්ම සැඟවිය යුතු කිසිවක් එතැන නැහැ. කෙටියෙන් කියනවා හේතු කිහිපයක්ම තිබුණා. එකක් ස්වාධීන රූපවාහිනි ආයතනය විසින් අපෙන් ඉල්ලීමක් කළා මෙය අහවල් කොටස් ගණනට සීමා කරන්න යැයි කියා. ඒ වගේම කල්තොට වගේ දුර බැහැර ප්‍රදේශයක රූගත කිරීම් සඳහා කොරෝනා දෙවැනි රැල්ල සමඟ යෑමෙහි අවදානමත් එතැන තිබුණා. හැබැයි මොන විදියේ ගැටලු තිබුණත් ස්වාධීන රූපවාහිනි ආයතනය අපට මෙය ඔවුන් කී කොටස් ගණනට සීමා කරන්න යැයි නොකීවා නම් ලංසුපතිනියෝ තවමත් රාත්‍රි නවයට විකාශනය වෙන්නට තිබුණා.
එවැනි ඉල්ලීමක් කරන්නට හේතුව කුමක්ද?
අනෙකුත් ටෙලි නිර්මාණ සඳහා කාලය අවැසි බව තමයි ඔවුන් කියා සිටියේ.
හැබැයි ප්‍රමිතියක් නැති සමහර නාට්‍ය සඳහා ඔවුන් කාලවේලාව වෙන්කර තිබෙනවා නේද?
සත්තකින් ඔව්. ඇත්තෙන්ම සමාජයට යම් පණිවුඩයක් දිය හැකි මෙවැනි ටෙලි කතාවකට එලෙස සිදුවීම ගැන කලාකරුවකු ලෙස මම කනගාටු වෙනවා. අනික ලංසුපතිනියෝ නාට්‍ය හොඳින් ලාබ ඉපැයූ නිර්මාණයක්.
ලංසුපතිනියනට වෙනස්කමක් සිදුවූ බවද ඔබේ අදහස?
ඔව්. ලන්සුපතිනියනට යම් වෙනස්කමක් සිදුවූවා. මොකද ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන බොහෝ ජනප්‍රිය නාට්‍ය සඳහා කටවුට් එකක් ඉදිවීම සාමාන්‍ය දෙයක්. හැබැයි ලංසුපතිනියෝ වෙනුවෙන් එවැනි කටවුට් එකක්වත් ඉදිවූයේ නැහැ. එතැනදි වුවද ඒ වෙනස්කම නිදසුන් වෙනවා.
මෙය දේශපාලනමය වශයෙන් සිදුවූ යම් අතදැමීමක් වන්නට බැරිද?
බොහෝ විට එයද හේතුවක් විය හැකියි. ලංසුපත්නියෝ ආරම්භක පියවරේදී තිබූ රජය එහි විකාශනයත් සමඟ වෙනස් වූවා. ආණ්ඩු පෙරළිය නිසා ඇතිවූ කළමනාකාරීත්වයද බොහෝ දේට හේතු විය හැකියි. ඒ වගේම මෙවැනි සිදුවීම් බොහෝ නිර්මාණයන් හරහා සිදුවන බැවින් කිසිවකුට ඇඟිල්ල දිගු කිරීම සදාචාරාත්මක නැති බවයි මගේ හැඟීම.
නමුත් සාරංග ඔබ සිත් තැවුලෙන් බවයි පෙනෙන්නේ?
මම විතරක් නෙමෙයි, අධ්‍යක්ෂ ශිවගුරුනාදන් තිර රචක රසික සුරවීර වගේම මෙයට එක්වූ විශිෂ්ට ගණයේ සෑම කලාකරුවෙක්ම යම් සිත් තැවුලක් මත තමයි මෙයට මුහුණ දුන්නේ.
ඒ හැමෝම සමඟ එක්වී මේ වෙනුවෙන් ඔබට යමක් කරන්නට තිබුණා?
මෙවැනි දේ බොහෝ තැන්වල සිදුවෙනවා. ලංසුපත්නියෝ කියන්නේ එහි පළමුවැන්න හෝ අවසානය නෙමෙයි. ඒ නිසා කලබල විය යුතු නැහැ. හැබැයි සතුටට කාරණය වන්නේ සමාජ ජාලා මාෆියාව නිසා තම දූ දරුවන්ට සිදුවන විනාශය ගැන ටෙලිනාට්‍යයක් හරහා මේ ආකාරයට කතා කිරීම ගැන අදටත් බොහෝදෙනා අපට ප්‍රශංසා කරනවා. ඒ අතර අම්මලාත්, තාත්තලාත්, සහෝදර, සහෝදරියන්, පෙම්වතුන් වාගේම යුවතිපතීන්ද සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බේබි ෂෙරමි සබන් SLS සහතිකය හිමිකර ගනී

Next Post

ශ්‍රී ලංකාවේ ඉල්ලුම අතින් ‘චිකන් ෆ්‍රයිඩ් රයිස්’ ඉදිරියෙන්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.