• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඉවරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 8, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
සජිත් ඉවරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘තමුන්නාන්සේලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවලා අපිට මහ මැතිවරණයට සංවිධානය වෙන්න මාස කිහිපයයි තිබුණෙ. තමුන්නාන්සේලා දන්නවා මේ මහ මැතිවරණයේ අපිට මුහුණ දෙන්න තිබුණු අභියෝග. නමුත් අවාසනාවකට අපිට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 9යි දිනාගන්න පුළුවන් වුණේ. ‘බණ්ඩත්, බණ්ඩාගේ පක්‍ෂයත් ඉවරයි’ කියල අපේ විරුද්ධවාදීන් උසුළු විසුළු කරන බව මම දන්නවා. ඒත් මම කියන්න කැමැතියි පක්‍ෂය පිහිටුවල මාස ගණනකින් ඡන්දෙට මුහුණ දීලා අපිට ලංකාවේ ප්‍රධාන විපක්‍ෂය වෙන්න පුළුවන් වුණා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායකකම ගන්න පුළුවන් වුණා. මේක ළදරු පක්‍ෂයක්. හැබැයි මහජනතාවට අප කෙරෙහි බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්ත්වයකට මේ පුංචි කාලය තුළ අපි මේ පක්‍ෂය ගෙනල්ලා තියෙනවා.
‘එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක – සිරිමාවෝ බණ්ඩාරනායක චරිතාපදානය’
මේ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවල 1952 මහ ඡන්දයට මුහුණ දීලා ආසන 9ක් ගෙන පරාජය වීමෙන් පසු පාක්‍ෂිකයන් අමතා කළ කතාවය.
බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැදුවේ 1951 සැප්තැම්බර් 02දාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළමු මහ මැතිවරණයට මුහුණ දුන්නේ 1952 මැයි මාසයේය. ඒ කියන්නේ පක්‍ෂය හදල මාස 8කින් බණ්ඩාරනායකට මහ ඡන්දයට යන්න සිදුවිය. මහ ඡන්දයේ ප්‍රතිඵල බණ්ඩාරනායක බලාපොරොත්තු වූවක් නොවේ. ඒත් ඩී. ඇස්. සේනානායකගේ හදිසි මරණයත් සමඟ බණ්ඩාරනායකගේ කැඩී යෑමෙන් දුර්වල වූ යූ.ඇන්.පී.යට සානුකම්පිත ජනතා රැල්ලක් නිර්මාණය විය. මියගිය ඩී. ඇස්., ජීවත්ව සිටි ඩී. ඇස්.ට වඩා ප්‍රබල විය. අලුත් පක්‍ෂයක් පිහිටුවා ශක්තිමත්ව සිටි බණ්ඩාරනායක ඩී. ඇස්.ගේ මරණයේ සානුකම්පිත ජනතා රැල්ලට යටවී දුර්වල විය.
‘බණ්ඩා ඉවරයි…’
‘මෝඩයෙක්…’
‘යූ.ඇන්.පී.යේ හිටියා නම් නායකයා වෙන්න තිබුණා.’
මේ මිනිස්සු කී කතාය. ඒත් ලංකාවේ ප්‍රධානතම විපක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂය පරාජය කොට ලංකාවේ ප්‍රධාන විපක්‍ෂය වීමත්, විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමත් පොඩිපහේ වැඩක් නොවන බව බණ්ඩාරනායක දැන සිටියේය. ඔහු ඉවසාගෙන බලා සිටියේය. වැඩි කලක් ගියේ නැත. ආණ්ඩුව ඇතුළෙන්ම අගමැති පොරය එළියට ආවේය. එකල යූ.ඇන්.පී.යට කීවේ ‘උන්ගේ නෑදෑයන්ගේ පක්‍ෂය’ කියාය. හේතුව යූ.ඇන්.පී. නායකත්වය දරපු සේනානායකවරුන්ගේ සහ කොතලාවලවරුන්ගේ පවුල් හවුල නිසාය. ඩී. ඇස්.ගේ මරණයට පසු පුත් ඩඞ්ලිට අගමැතිකම දීමෙන් සර් ජෝන් කොතලාවල නොසන්සුන් විය. පවුල් හවුල පුපුරා ගියේ එතැනදීය. ඒත් මහ මැතිවරණය ජයගත යුතු නිසා ඒ පුපුරා යෑම පවුල් හවුලම යටපත් කරගනු ලැබීය. එය එළියට පැන්නේ 1953 හර්තාලයෙන්ය. තමාට අගමැති ධුරය අහිමි කිරීම කුමන්ත්‍රණයක් සේ සලකා එම කුමන්ත්‍රණය හෙළිදරව් කරන පොතක් සර් ජෝන් එළියට දැම්මේය. පවුලේ ගැටුම් නිසා කැබිනට් මණ්ඩල රැස්වීමක්වත් තියාගත නොහැකි විය. හේතුව අගමැති ඩඞ්ලි තම ඥාතියා වූ සර් ජෝන්ට දක්වපු බයය. සර් ජෝන්ව පාලනය කරගත නොහැකිව ඩඞ්ලි හර්තාලයට මුවා වී අගමැති ධුරයෙන් ඉවත් විය. සර් ජෝන් අගමැති විය. බණ්ඩාරනායකගේ පින පෑදුණේ එතැන් සිටය. අන්තිමේදී බණ්ඩාරනායකට සේනානායකවරුන්ගේ සහායද ලැබුණි. ඩී. ඇස්.ගේ සහෝදර එෆ්. ආර්. සේනානායක පුත් ආර්. ජී. සේනානායක බණ්ඩාරනායකට එක්විය. ඩඞ්ලි නිහඬව සහාය පළ කළේය. බණ්ඩාරනායක 1956 මහ ඡන්දයෙන් අති විශිෂ්ට ජයක් ලැබීය. යූ.ඇන්.පී.ය කුජීත වෙන්න පරාජය විය.
බණ්ඩාරනායකගේ මේ පරණ කතාව මතක් වූයේ මෙවර මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාසගේ සමඟි ජනබලවේගයේ ප්‍රතිඵලය දෙස බලන විටදීය. සජිත්ද සමඟි ජනබලවේගය පිහිටුවේ 2020 මහ මැතිවරණය කට ළඟ තිබියදීය. බණ්ඩාරනායකට නම් පක්‍ෂය හදාගන්න මාස 9ක්වත් තිබුණි. සජිත්ට මාසයක්වත් තිබුණේ නැත. කොරෝනා නිසා මහ මැතිවරණය කල් ගියත් සජිත්ට පක්‍ෂය හදාගන්න එළියටවත් බහින්න අවස්ථාවක් ලැබුණේ නැත. පක්‍ෂ නායක රැස්වීම් පැවැතියේ අන්තර්ජාලය හරහාය. අනෙක ගෝඨාභය කොරෝනාව සාර්ථක ලෙස මර්දනය කළ නිසා සමඟි ජනබලවේගය තවත් දුර්වල විය. අලුත් පක්‍ෂයේ නැවුම් ගතිය නැති විය. කොරෝනා කාලය තුළ සජිත් කළ ප්‍රකාශවලට ආණ්ඩුවත්, යූ.ඇන්.පී.යත් රාජ්‍ය මාධ්‍ය සහ රාජපක්‍ෂලාට කඬේ යන රාජ්‍ය නොවන මාධ්‍යයත් සජිත්ව උපහාසයට ලක්කළහ.
කොරෝනා අවසන් වී ඡන්දයට දින තීන්දු වන විට මෙරට සියලුම මාධ්‍ය පමණක් නොව ඇතැම් රාජපක්‍ෂ විරෝධී වෙබ් අඩවි පවා මහින්දගේ ප්‍රතිවාදියා රනිල් සහ යූ.ඇන්.පී.ය බව පෙන්වන මාධ්‍ය මෙහෙයුමක් දියත් කළහ. සජිත්ගේ සමඟි ජනබලවේගයට දුන්නේ තුන්වැනි තැනය. සාමාන්‍යයෙන් ඡන්දයකදී මාධ්‍ය පළමු තැන දෙන්නේ රටේ අගමැතිටය. දෙවැනි තැන දෙන්නේ විපක්‍ෂනායකවරයාටය. මේ මාධ්‍යයම 2018 පුංචි ඡන්දයේදී අලුතින් පිහිටුවූ පොදුජන පෙරමුණට පළමු තැන දුන්හ. ඒත් මෙවර රටේ විපක්‍ෂනායක නායකත්වය දරන වැඩිම මන්ත්‍රි පිරිසක් තරග කරන සමඟි ජනබලවේගයට දුන්නේ තෙවැනි තැනය. සමහර මාධ්‍යවල තෙවැනි තැනවත් ලැබුණේ නැත. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවටත් වඩා තැන දුන්නේ යූ.ඇන්.පී.යටය. මෙම මාධ්‍ය මෙහෙයුම නිසා යූ.ඇන්.පී. නොවන ඡන්දදායකයන්ට සජිත්ගේ සමඟි ජනබලවේගය ගැන තොරතුරක් දැනගැනීමට හැකියාවක් නොතිබුණි. අනෙක මාධ්‍ය හරහා සජිත්ගේ සමඟි ජනබලවේගයේ ලකුණ වූ දුරකතනයට ලැබුණේ අවම ප්‍රචාරයකි. බොහෝ යූ.ඇන්.පී. නොවන ඡන්දදායකයන් හිතුවේ රනිල් මහින්දගේ ප්‍රතිවාදියා කියාය. ඔවුන් හිතුවේ සජිත් ජනතා විමුක්ති පෙරමුණ වැනි පොඩි පක්‍ෂයකින් තරග කරනවා කියාය. මෙරට මාධ්‍ය මැව්වේ ඒ ප්‍රතිරූපයය.
ඊළඟට ඡන්ද සටන පටන් ගැනීමටත් පෙර සමඟි ජනබලවේගයේ ප්‍රධාන තරුවක් වූ හරීන් සහ කාවින්ද අතර ගැටුමක් ආණ්ඩුවම නිර්මාණය කළේය. සමඟි ජනබලවේගයෙන් තරග කරන චම්පිකට, රාජිතට, රන්ජන්ට නඩු දමා හෙම්බත් කරනු ලැබීය. ඡන්දයට කලින් මොවුහු තිදෙනාම හිරේ ගියහ. ඡන්දයට දින තීන්දු කරද්දීම සමඟි ජනබලවේගයේ දැවැන්තයෙක් ලෙස පෙනී සිටි මංගල ඡන්දයෙන් ඉවත් විය. මංගලගේ ඉවත් වීමෙන් යූ.ඇන්.පී.කාරයන් හිතුවේ සමඟි ජනබලවේගය අන්ත පරාජයක් ලබන නිසා මංගල ඉවත් වෙනවා කියාය. අනෙක මංගල ඉවත් වී දැක්මක් තියෙන නායකයා රනිල් බවත්, මෙරට තියෙන හොඳම පක්‍ෂය යූ.ඇන්.පී.ය බවත් කියාගෙන ගියේය. මංගල රනිල්ව වර්ණනා කරන සම්මුඛ සාකච්ඡා රනිල් හිතවාදී ඉංග්‍රීසි පුවත්වල පළ වූයේ කොළඹ ඉංග්‍රීසි කතා කරන ජනතාවගේ සහ සුළු ජාතික ඡන්ද රනිල්ට අරන් දෙන්නටය. මංගලගේ ඉවත් වීමත් සමඟ රාජපක්‍ෂ විරෝධී වෙබ් අඩවිද රනිල්ව සහ යූ.ඇන්.පී.ය උස්සා සජිත්ට පහර ගසන්න පටන්ගත්හ.
ඊළඟට මෙරට ජාතික මාධ්‍ය සජිත්ගේ බිරිය සහ හිරුණිකා අතර ප්‍රශ්න මතුකරන්න පුවත් නිර්මාණය කළහ. අවසානයේ සජිත් බැඳුම්කර හොරුන්ටත් වඩා කම්බ හොරුන් කියා පෙන්වන්න සංස්කෘතික අමාත්‍යාංශයේ වංචා, දූෂණ හෙළිකරන කමිටු වාර්තාවක් එළිදැක්වීය. ආණ්ඩුවත්, පෞද්ගලික මාධ්‍යයත් යූ.ඇන්.පී.යත් සජිත්ව හොරෙක් ලෙස හංවඩු ගසනු ලැබීය. ඒ පිටුපස රනිල්ද සිටියේය.
සජිත් 2020 මහ මැතිවරණයෙන් ආසන 54ක් ගත්තේ ආණ්ඩුව, යූ.ඇන්.පී.ය, මාධ්‍ය යන දේශපාලන අධිරාජ්‍ය හතර වටින් වටකර ගහද්දීය. 2010 මහමැතිවරණයේදි යූ.ඇන්.පී.ය එකට එක්සත් වී සිටියදී ගත්තේ ආසන 60කි. ඒ කියන්නේ සජිත් අලුත් පක්‍ෂයක් හදලා මාස කිහිපයකින් ලංකාවේ පරණම පක්‍ෂය ආක්‍රමණය කළේය. මෙවැනි විප්ලවයක් කලින් කළේ බැසිල්ගේ පොදුජන පෙරමුණය. හැබැයි පොදුජන පෙරමුණ බැසිල් හැදුවේ 2016 නොවැම්බර් මාසයේය. පොදුජන පෙරමුණ පළමු මැතිවරණයට ඉදිරිපත් වූයේ 2018 දීය. ඒ කියන්නේ පොදුජන පෙරමුණ රට තුළ මුල් බස්සන්න වසරකට වැඩි කාලයක් තිබුණි. පොදුජන පෙරමුණ ජාතික මැතිවරණයක් තරග කළේ 2019 නොවැම්බරයේය. ඒ කියන්නේ පොදුජන පෙරමුණට ජාතික මැතිවරණයකට යන්න වසර තුනක් තිබුණි. ඉන් වසර දෙකක්ම පොදුජන පෙරමුණට රටේ ජනාධිපතිගේ ආරක්‍ෂාව ලැබුණි. ජනාධිපති මෛත්‍රි පොදුජන පෙරමුණ සමඟ හැප්පුණේ 2018 පුංචි ඡන්දයට පෙරය. ඉන්පසු ඔහු පොදුජන පෙරමුණ සමඟ එක් වෙන්න සාකච්ඡා කළේය. අනෙක බැසිල් අතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් පාලන මන්ත්‍රි සහ පළාත් සභා මන්ත්‍රි යාන්ත්‍රණය තිබුණි. සජිත්ගේ සමඟි ජනබලවේගයට පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රිවරු වැඩ කළේ හොරෙනි. රනිල්ගේ විනය පරීක්‍ෂණවලට බයේ බොහෝ අය වැඩ කළේ නැත.
පොදුජන පෙරමුණ සමඟ සසඳන විට සමඟි ජනබලවේගයේ ගමන අතිශය දුෂ්කරය. කටුකය. එය සසඳන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවූ බණ්ඩාරනායකගේ ගමනට පමණි.
‘සජිත් බණ්ඩාරනායක වගේ 2024 බලය අල්ලයිද..?’
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි 2010 යූ.ඇන්.පී.ය ආසන 60ක් ගන්නා විට රාජපක්‍ෂලා 144ක් ගත්තේය. කෙසේ හෝ තුනෙන් දෙක හදාගෙන මහින්දට යළි තරග කළ හැකි ලෙස ව්‍යවස්ථාවද වෙනස්කර ගත්තේය. නමුත් 2015 මහින්ද පරාජය විය. අද රාජපක්‍ෂලා ආසන 145ක් ගෙන තිබේ.
‘ඉතිහාසය යළි එපරිදිම සිදුවෙයිද..?’
සජිත්ව අවතක්සේරු කරන්න ආණ්ඩුවට බැරිය. ඔහු යූ.ඇන්.පී. නායකත්වය ඉල්ලා සිටියේ 2010දීය. ඒ වෙලාවේ රනිල් ඔහුට පක්‍ෂ නායකත්වය දුන්නා නම් 2015 ජනාධිපති සජිත්ය. 2019 ජනාධිපතිත් සජිත්ය. එහෙනම් අද යූ.ඇන්.පී.ය දිනන්නේ උඩින්ය. එදා සජිත් යූ.ඇන්.පී. නායකත්වයට ඒම වළක්වන්න වැඩ කළ රනිල් සහ ඔහුගේ සගයෝ අද කුජීත වෙන්න පරාජය වී සිටිති. සජිත්ගේ මනාප ගණන යූ.ඇන්.පී. ඡන්ද සංඛ්‍යාවටත් වඩා විශාලය. අවුරුදු 25ක් රනිල්ව හොල්ලන්න කාටවත් බැරි විය. හැබැයි යූ.ඇන්.පී.කාරයන්ගේ ඡන්දවලින්ම ඔහුව එළවන්න සජිත් සමත් වී ඇත. ලංකාවේ කිසිදු පක්‍ෂ නායකයෙක් මෙහෙම පරාජය වී ගෙදර ගියේ නැත. ඩී. ඇස්., බණ්ඩාරනායක, ඩඞ්ලි, මැතිනිය මියගියහ. සර් ජෝන්ද ගෙදර ගියේ ආසනය දිනලාය. චන්ද්‍රිකා, විජේතුංග, මෛත්‍රිපාල පැරැදිලා ගියේ නැත. මහින්ද ජනාධිපති ධුරය පැරැදිලා යළි ආසනය දිනලා ආවේය. එහෙම බලන කොට රනිල්ගේ පරාජය ඓතිහාසික පරාජයකි. එහෙව් රනිල්ගෙන් යූ.ඇන්.පී.ය ගලවාගෙන සජිත් පළමුවැනි සටන දින්නේය. දෙවැනි සටනට තව කල් තිබේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ ඉල්ලුම අතින් ‘චිකන් ෆ්‍රයිඩ් රයිස්’ ඉදිරියෙන්

Next Post

AIA කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා වැඩසටහනක් සංවිධානය කරයි

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.