වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් සිය නොනිමි සමාජ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ලින්ඞ්සේ බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දැරියන් සඳහා ළමා ක්‍රීඩා උද්‍යානයක් ඉදිකර දෙන ලදී. වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පූර්ණ අනුග්‍රහයෙන් ඉදි කරන ලද මෙම ළමා උද්‍යානය ඔංචිල්ලා, සීසෝ, ලිස්සන බෝට්ටු, මැරිගෝ රවුම් ආදී සියලුම ක්‍රීඩා උපකරණවලින් සමන්විතය. ළමා ක්‍රීඩා උද්‍යානය විවෘත කිරීමේ උත්සවය මහා සංඝරත්නය, නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරී ඒ.පී. ජෙයරාජා, සම හවුල්කරු දිවාකර් බාලසුබ්රමනියම්, බස්නාහිර පළාත් සභාවේ හිටපු සභා නායක හෙක්ටර් බෙත්මගේ, විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය, දෙමව්පියන්, සිසුවියන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
විදුහලේ සිසුවියන්ගේ හැකියාවන් ඔප්නංවන වර්ණවත් විවිධ ප්රසංගයක්ද මීට සමගාමීව පැවැත්විණි. නැටුම්, ගැයුම්, වැයුම්වලින් අලංකාර වූ මෙම උත්සවයේදී වෛශාඛ විද්‍යාලයේ සිසුවියෝ සිය දක්ෂතා මනාව ප්‍රදර්ශනය කළහ.











