ශ්‍රී ලංකාවේ අංක 1 පිකප් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා (ටොන් 1ට වැඩි බර පැටවිය හැකි ට්‍රක් රථ කාණ්ඩය) මහින්ද්‍රා මැක්සි ට්‍රක් රථය වැඩිදියුණු කළ ABS තිරිංග පද්ධතිය සහිත නවතම මාදිලිය අයිඩියල් මෝටර්ස් විසින් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.
ඒ අනුව ටොන් 1කට වැඩි බරක් පැටවිය හැකි ට්‍රක් රථ කාණ්ඩයේ ABS තිරිංග පද්ධතිය සහිත ට්‍රක් රථයක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමේ ප්‍රමුඛයා බවට අයිඩියල් මෝටර්ස් පත්විය.
හඳුන්වාදුන් නවතම ABS තිරිංග පද්ධතිය සහිත මැක්සි ට්‍රක් රථයට වසරක හෝ කිලෝමීටර් 50,000ක වගකීමක් අයිඩියල් මෝටර්ස් වෙතින් ලබාදෙයි. නවතම මැක්සි ට්‍රක් රථයේ කිලෝ 1,200ක බරක් පැටවිය හැකි අතර නවීකණය කරන ලද ආසන පද්ධතියකින් හා නවීන ඩෑෂ් බෝඞ් එකකින් සමන්විත වේ. එමෙන්ම ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 17.7ක් ධාවනය කළ හැකි අතර දීපව්‍යාප්ත අලෙවි ජාලය හා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවය මගින් පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවය ලබාදීමට කටයුතු යොදා ඇත.











