දේශීය ආහාර සුරක්ෂිතතාව සවිබල ගැන්වීමේ රාජ්‍ය වැඩපිළිවෙළ යටතේ සිදුකෙරෙන බඩ ඉරිඟු වගාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රිස්බ්‍රෝ සමාගම විසින් පැසසුමට ලක්කළේය. ක්‍රිස්බ්‍රෝ සමාගම වැඩිදුරටත් පවසන්නේ බඩ ඉරිඟු වගාව ප්‍රචලිත කිරීම තුළින් මෙරට කුකුළු හා සත්ව ආශ්‍රිත කර්මාන්ත සඳහා විශාල සහායක් හිමිවනවා මෙන්ම මේ සඳහා ඇති දේශීය ඉල්ලුම නිසාම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා ද බඩ ඉරිඟු වගාවේ ව්‍යාප්තිය විශාල දායකත්වයක් දක්වනු ඇති බවයි. බඩ ඉරිඟුවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම නම් වූ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ආහාර සුරක්ෂිතභාවය රට තුළ ස්ථාපිත කරලීමේ එක් පියවරක් ලෙස බඩ ඉරිඟු වගාව රට තුළ ප්‍රචලිත කිරීම සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
බඩ ඉරිඟු වගාව ප්‍රචලිත කිරීමේ රාජ්‍ය ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් සඳහා පසුගිය මාර්තු මාසයේදී මුල්වරට බඩ ඉරිඟු වගාව හඳුන්වාදුන් අතර කෘෂි කර්ම අමාත්‍යංශයේ අතුරුභෝග වගා ව්‍යාපෘතිය මෙහි සාර්ථකත්වය පිළිබඳව පසුවිපරම් කරනු ලබයි. දැනට හෙක්ටයාර 450ක නව බඩ ඉරිඟු වගාවක් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන අතර නුදුරේදීම අස්වනු නෙළීම ඇරඹීමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යංශයේ අතුරු භෝග වගා අංශය විසින් මෙම ගොවීන්ට අවශ්‍ය පසු අස්වනු කළමනාකරණ තාක්ෂණය සහ දැනුම, බීජ, වෙළෙඳපොළ සහ වගා තාක්ෂණය ලබා දෙයි.











