ශ්‍රී ලංකාවේ LP ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, මේ වනවිට පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ජනතාවට පහසුවෙන් LP ගෑස් ලබාගැනීමට හැකිවන පරිදි සිය දීපව්‍යාප්ත සැපයුම් හා බෙදාහැරීම් කටයුතු වඩාත් වේගවත් හා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තම අලෙවි නියෝජිතයන් සමග එක්වී, පාරිභෝගිකයන් සුරක්ෂිතව නිවෙස්වලම සිටියදී ඔවුන්ට අවශ්‍ය ගෑස් සිලින්ඩර නිවෙසටම සැපයීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු යොදා ඇත. මේ සඳහා පළමුවෙන් අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු සම්බන්ධ කර ගැනුණු අතර, පසුව එම සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ නංවන ලදි. ඒ අනුව, මෙම දුෂ්කර කාලසීමාවේදී පවා කිසිදු හිඟයකින් තොරව ඉල්ලුම සපුරාලීමට සමත්වූ ප්‍රථම සමාගම බවට පත්වීමට ලිට්රෝ සමාගමට හැකිවී තිබේ.
ආරම්භයේදී PickMe Food සමග එක්වී කොළඹ ප්‍රදේශයේ බෙදාහැරීම් සිදුකළ ලිට්රෝ ගෑස් සමාගම, පසුව මෙම සේවාව අනෙකුත් පළාත් වෙතද ව්‍යාප්ත කළේ ය. එමෙන්ම නිවෙස්වලටම ගෑස් ගෙනැවිත් භාරදීම සඳහා වෙනම ජංගම සේවාවක්ද ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ දෛනික ගෑස් ඉල්ලුම සිලින්ඩර 80,000ක් පමණ වන අතර කිසිදු හිඟයකින් තොරව සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට දවස පුරා ගෑස් සැපයීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගත්තේය.











