තමන් සෑම අවස්ථාවකදීම පක්ෂයත්, කණ්ඩායමත් ආරක්ෂා කරගනිමින් කටයුතු කළ පුද්ගලයකු බවත්, අද එජාප මහගෙදරින් එළියට ගිය කණ්ඩායමක් පක්ෂයට ගල් ගසමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ චෝදනාවලට ලක්වූ පුද්ගලයන් අද පක්ෂය හැරදා වෙනත් තැන්වලට ගොස් ඇති බවත්, අද එජාපය වැරදි නිවැරදි කර ගනිමින් සාර්ථක දේශපාලන ගමනක් යමින් සිටින බවත්ය.










