ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව සිය 80 වැනි සංවත්සරය සමරන මෙම වසරේදී බැංකු ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් තම දායකත්වය දක්වමින් නව ලොව තාක්ෂණය බැංකුකරණය සමඟ මුසුකරන්නට “INNOVBANK Symposium” 2019 නොවැම්බර් 04 වැනිදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කරන ලදී.
ලංකා බැංකුවේ ආයතනික සමාජ වගකීම් සමූහයෙහි එක් අංගයක් ලෙස මෙම “INNOVBANK Symposium” හැඳින්විය හැකි අතර මෙමගින් නිරන්තර සිදුවන වෙළෙඳපළ වෙනස්වීම්වලට අනුගත වීම, තරගකාරී ප්‍රවණතා ක්ෂේත්‍රයට හඳුන්වාදීම සහ ඒ සඳහා වූ විද්වත් කතිකාවක් ඇති කිරීම සඳහා විද්වතුන් හා වෘත්තිකයන් හට වේදිකාවක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.