• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

අන්නාසි ‌මොරිල්ගේ කුඩු කිලෝ 200 ගන්න සිටි හලාවත ශාන් කවුද?

November 11, 2019
in CID, Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
අන්නාසි ‌මොරිල්ගේ කුඩු කිලෝ 200 ගන්න සිටි හලාවත ශාන් කවුද?
Share on WhatsAppShare on Facebook

මැතිවරණ ඉතිහාසයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක ඇති ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙවරය. මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් මැතිවරණ කාර්යාලයේ තොරතුරුවලට අනුව පවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ ඉතා අවම මට්ටමකිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට ගණේමුල්ලේ ඉකුත් 02 දා පැවැති ප්‍රචාරක රැලියකට සහභාගිවූ ආධාරකරුවකු අභිරහස් ලෙස මිය යන්නේ මෙවන් වාතාවරණයක් හමුවේය.

පොහොට්ටු රැස්වීමේ අභිරහස් මරණයක්

අභිරහස් ගොන්නක් සමග මිය යන එම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආධාරකරු වන්නේ හෙක්ටර් පටබැඳි නැමැති විශ්‍රාමිකයෙකි. ගම්පහ මුදුන්ගොඩ පැත්තේ පදිංචිකරුවකු වන ඔහු එදා සවස ගණේමුල්ලේ රැස්වීමට යන්නේ ගමේ පිරිසක් සමග බස් රථයක නැගීය. එම බස් රථය ගණේමුල්ලේ රැස්වීමට සහභාගිවන පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ගමන් පහසුව සදහාම කුලියට ගත්තකි. රැළිය අවසන් වන විට ඊට සහභාගිවීමට ගිය බොහෝ පිරිසක් සිටියේ වෙරි මතිනි. හෙක්ටර් පටබැඳිද සිටියේ කරටි කැඩෙන්නට සප්පායම් වීය. ඔහුව බස් රථයට නන්වාගන්නේද වත්තම්කරගෙනය. බස් රථයේ පිටුපස අසුනක සිටි ඔහුට වෙරි මත නිසාම නින්ද ගියේය. ඒ අසුනක දිගාවෙමිනි. බස් රථයේ රියදුරුත් කොන්දොස්තරත් සිතන්නේ සියලු දෙනාම බස් රථයෙන් බැස ඇතැයි කියාය. බස් රථය ගාල් කිරීමට රැගෙන යන්නට කොන්දොස්තරවරයා රියදුරුට සමුදී සුක්කානම අතට ගන්නේ මිරිස් වත්තේදීය. පිටුපස අසුනක දිගෑදී සිටි හෙක්ටර්ව කොන්දොස්තර දකින්නේ එවිටය. බොහෝම අමාරුවෙන් ඔහුව ඇහැරවාගත් කොන්දොස්තරවරයා බස් රථයෙන් බස්සවා මාර්ගයේ ගමන් කරමින් තිබුණු වෙනත් බස් රථයක නන්වන්නේ මුදුන්ගොඩින් ඔහුව බස්සවන ලෙස එම රථයේ කොන්දොස්තරගෙන් ඉල්ලීමක් කරමිනි. බස් රථයට ගොඩවුණු ඔහුට පාපුරුවෙන් නැගී බස් රථයට ගොඩ වෙන්නට ඉඩක් නොවීය.එකවරම බිමට ඇද වැටෙන්නේ පාලනයෙන් තොරවය. ඒ වැටුණු පාරට ඔහුගේ හිසට පවා තුවාල ගෙන දුන්නේය. ඒ ගැන තැකීමක් නොකළ කොන්දොස්තරවරුන් දෙදෙනා ඔහුව මාර්ගයේ අයිනක හේත්තුකර බස් රථවල නැගී පිටව යන්නේ වෙරි හිදුණු පසු නිවෙස බලා යනු ඇතැයි සිතාගෙනය.
ඒ වන විටත් හෙක්ටර් සිටියේ අසාධ්‍ය තත්වයකිනි. ඒ බව දැන ගන්නේ අසල නිවසක සිටින වෛද්‍යවරයෙකි.ඒ ඔහු සේවය නිමකොට මහා රෑ නිවසට එන විටදී පදික වේදිකාවේ වැටී සිටි හෙක්ටර්ව දැකීමෙන් පසුව එතැනට ගොස් කළ පරීක්ෂාවේදීය. වහාම ගිලන්රථයක් ගෙන්වා හෙක්ටර්ව ගම්පහ රෝහලට ඇතුළත් කරන්නට ඔහු වග බලා ගන්නේ ඒ වන විටත් හෙක්ටර් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින බව පෙනී ගිය බැවිනි. තත්වය බරපතළ වූ බැවින් ගම්පහ රෝහල් බලධාරීන් මූලික ප්‍රතිකාරවලින් පසු ඔහුව යොමුකරන්නේ කොළඹ ජාතික රෝහලටය. එහෙත් ඔහුට වැඩි කාලයක් ජීවත් වීමට ඉඩක් නොවීය. 03 වෙනිදා අළුයම ඔහු මිය ගියේ අභිරහස් ගොන්නක්ම ඉතිරි කරමිනි. එම අභිරහස විසදන්නට පොලීසියට හැකියාව ලැබෙන්නේ පොලීසිය කළ පුළුල් විමර්ශනයේදීය.

එස්.බී.‌ගෙන් පත්තු වුණු ‌වෙඩිල්ලේ ඇත්ත කතාව

එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගේ ආරක්ෂකයින් විසින් ගිනිගත්හේනේදී ඉකුත් 06 වෙනිදා රාත්‍රියේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි තැබීම පිටුපසද ඇත්තේ අපූරු කථාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වූයේ එස්.බී. දිසානායක මහතා ගමන් කළ මෝටර් රථයට මග හරස් කරමින් බාධා කළ පිරිසකට පිටුපසින් වෑන් රථයකින් පැමිණි මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඇති බවය. එහෙත් ඇත්ත එය නොව, ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. ඒ බව කියන්නේ ගිනිගත්හේන පොලීසියයි. ගිනිගත්හේන පොලිස් පොත්වල ලියැවී ඇති අකාරයට අනුව සිදුව ඇත්තේ ගිනිගත්හේනේදී එස්.බී.දිසානායකගේ ආරක්ෂකයින් ගමන් කළ වෑන් රථය සහ තරුණයින් ගමන් කළ වෑන් රථය ප්‍රතිවිරුද්ධ දිසාවන්ට ගමන් කිරීමේදී වෑන් රථ දෙකෙහි පැති කණ්ණාඩි දෙක එකිනෙකට ගැටීමකි. වෑන් රථයේ ඒ වන විට රියදුරු ඇතුළු තරුණයින් පස් දෙනෙක් ගමන් කරමින් සිට ඇත. රියදුරා හැරුණු කොට සෙසු තරුණයින් සිව් දෙනාම සිට ඇත්තේ බීමතිනි. ඒ සිය පාසල් මිතුරියගේ විවාහා මංගල්‍ය උත්සවයකට සහභාගී වී මෙම තරුණයින් යමින් සිටියේ සිය නිවෙස්වලටය. ඔවුන් සියලු දෙනාම ගිනිගත්හේනේ පදිංචිකරුවන්ය. අනතුරින් පසු මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් එය තැකීමක් නොකර ගමන් කරන විට තරුණයින් රියදුරාට පවසන්නේ එම වෑන් රථය හඹායන ලෙසය. ඒ අනුව රියදුරාද අතුරු මාර්ග ඔස්සේ යමින් අතර මගදී වෑන් රථයේ මග හරස්කර මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් සමග බහින්බස් වන්නේ අනතුරක් කර පලායාම ගැනය. එහිදී වෑන් රථයේ සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තමන් පොලිස් නිලධාරීන් බව සදහන් කරන විට එම තරුණයින් එය තැකීමක් නොකර ඔවුන්ට නීතිය කියා දෙන්නට විය. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් පිටතට පැමිණ තරුණයින් අසලට පැමිණ ඇත්තේ එම අවස්ථාවේදීය. මන්ත්‍රීවරයාව දුටු තරුණයින්ගේ ආවේගය සමනය වී තිබේ. එහිදී මන්ත්‍රීවරයා තරුණයින් සමග මදවේලාවක් කතාබහක නිරතවී මෝටර් රථයට ගොඩවී ඇත්තේ ගැටුම සමතයකට පත්කිරීමෙන් අනතුරුවය. තරුණයින්ද ඒත් එක්කම සිය වෑන් රථයට ගොඩවී ගිනිගත්හේන දෙසට ගමන් කරනවාත් සමග මන්ත්‍රී ආරක්ෂකයින් ඔවුන්ගේ වෑන් රථයේ පැති දොර විවරකර එකවරම වෙඩි කිහිපයක් එල්ලකර ඇත්තේ තරුණයින් ගමන් කරමින් සිටි වෑන් රථය දෙසටය. ඒ එක් වෙඩිල්ලක් එක් තරුණයෙකුගේ පාදයකටත් තවත් වෙඩිල්ලක් වෙනත් තරුණයෙකුගේ අතකටත් වැදෙන්නේ වාසනාවකට ජීවිත හානියක් නොවීය. පොලීසිය පවසන්නේ මෙය අහඹු සිදුවීමක් මිස දේශපාලන ගැටුමක් නොවන බවය. වෙඩි තැබීම ඇමැති ආරක්ෂකයින්ගේ නොහොබිනා ක්‍රියාවක් බව මේ වන විටත් පැහැදිලිවම අනාවරණය වී ඇති අතර ඒ නිසාම ඔවුන්ව අත්අඩංගුවට ගෙන හදුනා ගැනීමක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද පොලීසිය පියවර ගත්තේය.

ජුලම්පිටිය අමරේ‌ගේ කතාව

මංපහරන්නෙක්, ස්ත්‍රී දූෂකයෙක් මෙන්ම මිනීමරුවෙක් වන ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණය විසින් මරණිය දණ්ඩනය නියම කරන්නේ ඉකුත් සතියේදීය. ඒ 2012 වසරේ පළාත් පාලන මැතිවරණය පැවැති සමයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ කටුවන පිහිටි ජන රැලියකට ටී 56 අවියකින් වෙඩි තබා ජවිපෙ ආධාරකරුවන් දෙදෙනෙක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පැවැති නඩු විභාගය අවසානයේදීය. එම ද්විත්ව ඝාතනයෙන් පසු දේශපාලන රැකවරණය ලබමින් සැඟවී සිටි ජුලම්පිටිය අමරේව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් ලැබෙන්නේ අමරේට එරෙහිව ඇතිවන ජනතා විරෝධය හමුවේය.
ජුලම්පිටිය අමරේ එදා කිසිදු බියක් සැකක් නොමැතිව ජවිපෙ රැස්වීම් භුමියකට කඩා වැදී වෙඩි තබන්නේ දේශපාලන හයියෙන් ඒ වන විටත් ඔහු කර තිබුණු අපරාධ ගොන්නක්ම යටගසා තිබුණු බැවිනි. ජුලම්පිටිය අමරේ කටුවන පැත්තේ එකල යතුරු පැදියකින් සැරි සැරුවේද ටී 56 අවියක් කරේ දමාගෙන ප්‍රසිද්ධියේය. ඔහු එම අවිය රැගෙන පොලිස් මුරපොළවල්ද පසුකර ගියේ කිසිදු බාධාවකින් තොරවය. පොලිස් ලොක්කන් එදා ජුලම්පිටියේ අමරේට සැලියුට් පවා ගැසුවේය. ආණ්ඩු පෙරළියක් නොවන්නට ජුලම්පිටියේ අමරේ අද ඉන්නේ හිරේ නොව, රජ ගෙදරය.

සජින් වාස්‌ කරන ‌හෙළිදරව්ව

ඒ රජගෙදර රහස් ගොන්නක් ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සජින් වාස් ගුණවර්ධන සතුවය. මේ වන විට සජින්වාස් දේශපාලනික වශයෙන් පිනුමක් ගසා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙමිනි. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සජින් වාස්ට එල්ලවන්නේ ගල්මුල්ය. එදා සජින් වාස්ගේ ගුණ කී අය ඒ අතර බොහෝය. ඒ අය බියෙන් සිටින්නේ පසුගිය ආණ්ඩුවේ පටි රෝල්කරමින් දේශපාලන වේදිකාවකදී සජින් රහස් වමාරයි කියාය. ඒ නිසාම එම කඳවුරේ සිටින ප්‍රබලයෙක් වන හිටපු ඇමති අනුරුද්ධ රත්වත්තගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඉකුත් දිනක සජින්ට දුරකතන ඇමතුමක් ගත්තේය. හිටපු පුද්ගලයන්ගේ උදහසට ඔහු හසුවී ඇති බව මෙන්ම ජීවිත තර්ජනයක් පවා එල්ලවන්නට හැකි බව පවා ඔහු සජින්ට කීවේය. ඒත් එක්කම සජින් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බව මෙන්ම පියා අහිමි වුවහොත් දරුවන්ට යන කල දසාව ගැනද මතක්කර දෙන්නට විය. සජින් වාස් මේ සියල්ල පටිගත කර ගත්තේය. ඔහු එය මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිකළේ විපක්ෂයේ මැතිවරණ සටනට ලොකු බලපෑමක්ද එල්කරමිනි. එතැනින් නොනැවතුණු ඔහු ඒ ගැන පොලිස්පතිවරයාටද පැමිණිල්ලක් කළේය. දැන් ඒ පැමිණිල්ල ගැන විමර්ශනයක් පැවැත්වෙන්නේ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙනි.

කුඩු කිලෝ 200 ගන්න සිටි හලාවත ශාන් කවුද?

නාවික හමුදා ඉතිහාසය තුළ ඔවුන් විසින් වැටලීමකදී අල්ලා ගන්නා විශාලතම හොරායින් මත්කුඩු තොගය අල්ලා ගන්නට සමත් වන්නේද ඉකුත් සතියේදීය. ඒ දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 228 ක් අත්අඩංගුවට ගනිමිනි. පකිස්තානයේ සිට ඉරාන නෞකාවකින් මෙරටට රැගෙන පැමිණි එම හෙරොයින් තොගය ගාල්ලට ඔබ්බෙන් ඇති ජාත්‍යන්තර මුහුදු තීරයේදී හලාවතින් ගිය බහුදින යාත්‍රාවකට පටවා ඇත්තේ ඉකුත් 01 වෙනිදාය. එම යාත්‍රාව ගැන විමසිල්ලෙන් සිටි නාවික හමුදාව එය වටලන්නේ 02 වෙනිදා අපේ මුහුදු තීරයට පැමිණි පසුවය. මත්කුඩු තොගය රැගෙන එම බහුදින යාත්‍රාව ගමන් කිරීමට නියමිතව තිබුණේ හලාවතටය. ඒ යන අතර හෙරොයින් තොග වෙනත් කුඩා බෝට්ටුවලටද පටවමින් මහා මුහුදේදීම බෙදා හැරීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක විය. නාවික හමුදාව බහුදින යාත්‍රාව වටලන විට කුඩා ප්‍රමාණයේ ධිවර බෝට්ටුවක්ද බහුදින යාත්‍රාවට කිට්ටුකර සිටියේ මත්කුඩුතොගයක් රැගෙන යන්නටය. එම යාත්‍රාවද නාවික හමුදා භාරයට ගැණෙන්නේ එහි සිටි තිදෙනෙක්ද සමගිනි. බහුදින යාත්‍රාවේද ඒ වන විට පස් දෙනෙක් රැඳී සිටියහ. ඒ අය හලාවත සහ මාරවිල පැත්තේ පදිංචිව සිටින ධීවරයින්ය. කෝටි 200කට අධික වටිනාකමක් ඇති එම හොරොයින් තොගය ආරක්ෂිතව ගොඩබිමට රැගෙන යාම වෙනුවෙන් ඒ අයට ලැබෙන්නේ රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති කිලෝ එකේ හෙරොයින් පැකට්ටුවකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරට අනුව අල්ලාගත් මෙම හෙරොයින් කිලේ 228 සමග මෙම වසර තුළ පමණක් අල්ලාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය 1638 කි. එයින් කිලෝ 1000 කට වැඩි ප්‍රමාණයක් අල්ලාගෙන ඇත්තේ මහා මුහුදේදී නාවික හමුදාවේ සහය ඇතිවය. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් විටින් විට කළ වැටලීම්වලදීය.
පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මෙම හෙරොයින් තොගයේ හිමිකරු කිරුලපන මොරිල්ය. අන්නාසි මොරිල් යැයි කියන්නේද ඔහුටය. මොරිල් වසර පහළොවක් තිස්සේ රැඳී සිටින්නේ ඩුබායිවලය. මාකදුරේ මධුෂ් පවා මුලදී හෙරොයින් ජාවාරමට පිවිසියේ මොරිල්ගේ සහය ඇතිවය. අවසානයේදී ඔහු මොරිල් මෙරටට එවන ලද හෙරොයින් කිලෝ 150ක් කොල්ලකෑවේ පොලිස් වෙසිනි. ඒ දෙවුන්දරින් මත්කුඩු ගොඩබාමින් සිටියදීය. පොලිස් වෙසින් එම මත්කුඩු තොගය කොල්ලකන්නේ මධුෂ්ගේ ගෝලයෙක් වූ කැවුමාය. මාකඳුරේ මදුෂ් ඩුබායි සිට මෙහෙයවා ඇරැව්වලින් කොල්ලකෑ කෝටි 200 දියමන්තිය සඟවාගෙන සිටියේ කැවුමාය. දෙවුන්දරින් එදා ඔහු මත්කුඩු තොගය කොල්ලකෑ හැටි කැවුමා විසින් හෙළිකරන්නේ දියමන්තිය සමග පොලිස් අත්අඩංගුවට ගත්විටදීය. කොල්ලකෑ මත්කුඩු තොගය ඔහු දෙවුන්දර සිට කොළඹට රැගෙන එන්නේ ප්‍රාඩෝ රථයකිනි. ඒ ප්‍රභු රථයක් ලෙස නිල් සහ රතු පැහැති දැල්වෙමින් නිවෙන විදුලි බල්බ සවිකරගෙනය.
මාකදුරේ මධුෂ් ඩුබායි පොලීසියට හසුවීමට බලපාන්නේද එම කොල්ලයයි. ඒත් එක්කම මාකදුරේ මදුෂ් සමග වෛර බැඳගන්නා මොරිල් ඩුබායි පොලීසියේ සේවයේ නිරත විදේශීය නිලධාරීන් කිහිප දෙනෙක් මුදලට ගෙන මධුෂ්ව කොටුකර දෙන්නේ කිසිදු ගැලවිල්ලක් නොමැති වන්නටය. මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීමත් සමග මදුෂ්ගේ මත්කුඩු ජාලයම අතට ගන්නේ මොරිල්ය. මධුෂ්ගේ දකුණු අත බඳු අංගොඩ ලොක්කාද දැන් සිටින්නේ මොරිල් සමගිනි. බුද්ධි අංශ සදහන් කරන ආකාරයට අනුව අංගොඩ ලොක්කා දැන් සිටින්නේ ඉන්දියාවේ නොව, ඩුබායිවලය. මධුෂ්ගේ මත්කුඩු ජාලයම මෙහෙයවන්නේ ඔවුන් දෙදෙනා විසිනි. නාවික හමුදාවට හසුවුණු හෙරොයින් තොගය භාර ගැනීමට සූදානම්ව සිටියේ යැයි කියන්නේ හලාවත ශාන්ය. ධිවර ව්‍යාපාරිකයෙක් වන ඔහු මොරිල්ගේ විශ්වාසවන්නයාය. මාකදුරේ මධුෂ් විසින් කැවුමා යොදා දෙවුන්දරදී කොල්ලෑ හොරොයින් තොගයද භාර ගැනීමට නියමිතව සිටියේ ශාන්ය. එදා ඔහු එම හෙරොයින් තොගය දෙවුන්දර සිටි කොළඹට ගෙන එන්නට යන්නේ පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණයේ වයාපාරික කටයුතුවල නිරත කෝටිපතියෙක් සහ ඔහුගේ පුතා සමගිනි. ඒ සුඛෝපභෝගී ජිප් රථයක නැගීය.එම ව්‍යාපාරිකයාත් ඔහුගේ පුතාත් එදා දෙවුන්දරදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හසුවන අතර ශාන් බේරෙන්නේ පොලිස් ඇසට වැලි ගසා මාරුවීම නිසාය. පොලීසියට කට්ටි පනිමින් මොරිල් සමග මහා පරිමානයෙන්ම හෙරොයින් ජාවාරම මේ වන විට මෙහෙයවන ශාන් මේ දිනවල සිටින්නේ සිය ජංගම දුරකතන පවා විසන්ධිකර සැඟවීය.

SendShareShare
Previous Post

ලංකා බැංකුව INNOVBANK Symposium හඳුන්වාදෙයි

Next Post

ගෝඨා තවමත් අමෙරිකානුවෙක්ද? ‌මෙවර ලයිස්තුවෙත් ‌ගෝඨාගේ නම නෑ

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.