ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ සිය ගනුදෙනුකාර භවතුන්, පාර්ශ්වකරුවන් සහ ශ්‍රී ලංකාවාසී සැමට සාමය, සතුට, සෞභාග්‍යය සහ නිරෝගී සුව පිරුණු සුබ නව වසරකට ආසිරි පතයි.
නව වසර සඳහා වූ සර්වාගමික ආශීර්වාද ලබා ගැනීමේ උත්සවය කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේදී ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ඩී.පී.කේ. ගුණසේකර යන මහත්වරුන් ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. මීට සමගාමීව දිවයින පුරා විහිදුණු ලංකා බැංකු ශාඛාවන්හි සර්වාගමික ආශීර්වාද ප්‍රාර්ථනාවකින් නව වසරේ වැඩ ඇරඹීමට කටයුතු කරනු ලැබීය.
නව වසරේ වැඩ ආරම්භ කිරීමත් සමගම ලංකා බැංකුවේ රන් කැකුළු ළමා ඉතුරුම් ගිණුම රන් කැකුළු Smart නමින් නව මුහුණුවරකින් එළිදැක්වූ අතර, එම අවස්ථාවේදී කුඩා දරුවන් තුන්දෙනකු සඳහා නව රන් කැකුළු Smart ගිණුම් ප්‍රදානය කිරීම සිදුවිය.











