කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පී.එල්.සී. සමාගම ගෙන එන රටේම විශ්වාසයේ රස මුද්‍රාව වන ලංකාසෝයි නිෂ්පාදන පෙළෙහි නවතම සෝයා නිෂ්පාදන දෙකක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. සුවිශේෂී රසයෙන් යුතු, ලංකාසෝයි මිරිස් මාළු හා ලංකාසෝයි අලකරිය මෑතදී පාරිභෝගිකයින් අතට පත් කෙරුණු එම නිෂ්පාදන ද්විත්වයයි. මෙම ලංකාසෝයි නිෂ්පාදන ද්විත්වයම වෙනස් රසයෙන් යුක්තව අලුත් අත්දැකීමක් ගෙන එන නිසා රට පුරා පාරිභෝගිකයෝ ඉතා කැමැත්තෙන් යුතුව එම නිෂ්පාදන මිලදී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලංකාසෝයි අල කරිය, මෙරට සෝයා නිෂ්පාදනවලට හුරු පාරිභෝගිකයින් හට, කිසිදා අත් නොවිඳි අලුත් රසයක අත් දැකීමක් පිරිනමමින්, කිරට සැකසූ අල ව්‍යංජනයක රසින් ඔවුන් අතට පත් වෙයි. මිරිස් සැරට කැමති පාරිභෝගිකයින් වෙනුවෙන් වෙළෙඳ පොළට නිකුත් කළ, සාම්ප්‍රදායික මිරිස් මාළු රසයෙන් යුතු ලංකාසෝයි මිරිස් මාළු කරිය, හුරුපුරුදු මිරිස් මාළු ව්‍යංජනයක රසය නොඅඩුව විඳ ගැනීමේ අවස්ථාව සලසයි. මෙම නිෂ්පාදන ද්විත්වයම වෙළෙඳ පොළට නිකුත් කෙරෙන්නේ අනර්ඝතම ශ්‍රී ලාංකේය කුළුබඩු යොදා සාදන ලද තුනපහ මිශ්‍රණ පැකට්ටුවද සමගය.











