පෝසිලේන් පිඟන් භාණ්ඩ කර්මාන්තයේ මහා පරිමාණ නිෂ්පාදකයකු වන රෝයල් ෆර්න්වුඞ් පෝසිලේන් සමාගම NCE අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබූ බව මෑතකදී නිවේදනය කළේය. පිඟන් මැටි සහ පෝසිලේන් පදනම් කරගත් නිෂ්පාදන අංශයේ විශාල කාණ්ඩයේ රිදී සම්මානය ඔවුන් මෙලෙස හිමි කරගන්නා ලදී.
ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් රෝයල් ෆර්න්වුඞ් පෝසිලේන්හි ප්‍රධාන විධායක නිලධාරි යොෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “අඛණ්ඩව තුන්වැනි වරටත් මෙම සම්මානය පිළිගැනීම මහත් ආඩම්බරයට කරුණක්. අප කරන සෑම කටයුත්තකදීම ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගෙන යෑමේ සරල හේතුව නිසා අප සැමවිටම අපගේ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතර ගෞරවය සහ විශ්වසනීයත්වය ලබා ගත් සමාගමක් වෙනවා. අපගේ මෙහෙයුම් අඛණ්ඩව වැඩි දියුණු කිරීම සහතික කරන අතරම, අපගේ වගකීම දේශීය හා විදේශීය වශයෙන් අපගේ පාර්ශ්වකරුවන් වෙත ලබා දීමට අප කැපවී සිටිනවා”.











