පොදු සේවාවන් ලබා ගැනීමේදී ලංකාවේ ජනතාවගෙන් හතරෙන් එකක් අල්ලස් වශයෙන් කිසියම් මුදලක් ලබා දීමට කැමැත්තෙන් සිටින බව මෑතකදී සිදුකරන ලද මතවිමසුමකින් අනාවරණය කරගෙන තිබේ.
එමෙන්ම 86%ක ජනතාවක් අල්ලස් හා දූෂණ මර්දනය සම්බන්ධයෙන් ආයතනික ව්‍යුහයන් පවතින බව දැන සිටියත් 72%ක ප්‍රමාණයක් ඊට පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබදව දැනුවත්ව නොමැති බවද මෙම මතවිමසුමෙන් අනාවරණය කරගෙන තිබේ.
The Global Corruption Barometer හෙවත් ‘ගෝලීය දූෂණ පරාමිතිය’ මගින් නිකුත් කළ 2019 වාර්තාවට අනුව මේ තොරතුරු අනාවරණය කර ඇති අතර ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම වාර්තාව පසුගියදා ජනගත කරනු ලැබීය.
ගෝලීය දූෂණ පරාමිතිය යනු දූෂණය පිළිබඳ අදහස් සහ අත්දැකීම් පිළිබඳ ලොව විශාලතම මහජන මත සමීක්ෂණය ලෙස සැලකේ.










