අඛණ්ඩව 3 වැනි වරටත් ලෝකයේ ගුරු දිනය නිමිති කරගෙන ගුරු ප්‍රණාම වැඩසටහනක් සංවිධානය කිරීමට රේන්කො පුද්ගලික සමාගම කටයුතු කළේය.
එම වැඩසටහනට පසුගියදා මාතර, හක්මන, නරවැල්පිටිය සපුගහමාර කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි. මෙවර වැඩසටහනේ තේමාව වූයේ ‘ගුරුනි නුඹයි මා ලොව පෑයූ හිරු’ යන්නය.
මෙම සත්කාරය ආරම්භ කිරීමේදී රේන්කො පුද්ගලික සමාගම විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර, තම ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකළ ආදර්ශමත් ගුරුවරුන් පිළිබඳව මතක සටහන් අකුරු කරන ලෙස එය නැරඹූ අයට ආරාධනා කරන ලදී. එහිදී නාමයෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර, ඒ අතරින් මෙම පාසල තෝරාගැනිණි.
ADVERTISEMENT