පවත්නා අභියෝගාත්මක වාතාවරණය හමුවේ සිය වාහන අලෙවි කිරීමටත්, මිලදී ගැනීමට මෙන්ම හුවමාරු කර ගැනීමට ද පාරිභෝගිකයන් හට අවස්ථාව උදාකරමින් ඬේවිඞ් පීරිස් රියසක්වල සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල්කර ඇත. ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්රයිවට්) ලිමිටඞ් වසර 40ක් පුරා මෙරට පාරිභෝගිකයන්ට බජාජ් මෝටර් සයිකල්, ත්රිරෝද රථ මෙන්ම ජෙනුයින් අමතර කොටස් අලෙවි කරමින් කීර්තිමත් නාමයක් හිමිකරගෙන සිටින සමාගමකි.
එසේ ලබාදුන් පාරිභෝගික සේවය තවදුරටත් පුළුල් කරමින් මේ වනවිට ලියාපදිංචි වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන් හට සහනයක් වෙමින් තම අතේ ඇති මුදලට සරිලන ලෙස මෝටර් සයිකලයක් හෝ ත්රිරෝද රථයක් මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත. එසේම ඔබගේ වාහනය විකුණා ගැනීමට හෝ හුවමාරුකිරීමේ පහසුකම්ද රියසක්වල වෙතින් ඔබට ලබාදේ.
ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්රයිවට්) ලිමිටඞ් සමාගමට අනුබද්ධිත රියසක්වල වෙතින් ලියාපදිංචි කළ යතුරුපැදි, ත්රිරෝද රථ සහ මෝටර් රථ විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමේ අවස්ථාව ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට දැන් හිමිකර දී ඇත.











