• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රන්ජන් අයියාට හිතේ ලොකු බයක් තිබුණා

September 26, 2020
in Heart
Reading Time: 2 mins read
A A
රන්ජන් අයියාට හිතේ ලොකු බයක් තිබුණා
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල කලා ක්‍ෂේත්‍රයේ විවාහ කටයුතු ගජරාමෙට පැවැත්වෙනවා. ඒ අතර දරු සුරතල් බලමින් උපන් දින සැමරුම් ගෙවෙන මේ කාල වකවානුවේ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක් වූ නෙතු ප්‍රියංගිකාද දරු සුරතල් බලන බව අපට ආරංචි වුණා. ඒ නිසා ඇයගේ ජීවිතයට එකතු වුණු ඒ සොඳුරු අත්දැකීම අප සමඟ කතා කළේ මේ විදියට.
නෙතුගේ ජීවිතයට අලුත්ම අත්දැකීමක් එකතු වුණා දැන් ජීවිතය ලස්සන ඇති නේද?
දුකේදීත්, සැපේදීත් අපි සතුටින් ජීවිතයට මුහුණ දුන්නා. හැම දෙයක්ම සුන්දර විදියට ගලාගෙන යන විට තමයි අපේ ජීවිතයට පුංචි කලාකාරිනියක් එකතු වුණේ. ගිය වසරේ තමයි අපි විවාහ වුණේ. මේ වසරේ වෙන කොට මම දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්.
ඉතින් ඒ රෝස පැටික්කි මුලින්ම දකිද්දී නෙතුට මොන වගේ හැඟීමක්ද දැනුණේ?
මගේ ජීවිතය සුන්දරව සතුටින් තමයි කාලය ගෙවුණේ. නමුත් දරුව දැක්කට පස්සේ වගකීම් රැසක් එක්ක ඉදිරි දිවි පෙවත ගෙවන්න ඕන සිතුවිල්ල මට තදින්ම දැනුණා. ජීවිතය කියන දේ තදින්ම මට දැනුණේ දුව දැක්කට පස්සේ. අපි දෙන්නාගේම ජීවිතයම දැන් ඉතින් දුව තමයි. ජීවිත කාලය ගෙවන කොට කාලයෙන් කාලෙට අපි වෙනස් විය යුතුයි.
ඒ කියන්නෙ ඔබ කලා ක්‍ෂේත්‍රයෙන් දිගුකාලීන සමුගැන්මක්ද මේ?
කලාවට මම හදවතින්ම ආදරෙයි. එහෙත් එහෙමයි කියලා මට වගකීම් නොපිරිහෙළා හරින්න බැහැ. මම දැන් අම්මා කෙනෙක් නිසා දුව වෙනුවෙන් කාලය යොමු කරනවා. ඒ නිසා මේ කාලයේ කලාවට සම්බන්ධ වෙනවා කියලා කියන්න මට බැහැ. මේ සමුගැන්ම තාවකාලික සමුගැන්මක් පමණයි.
දෙදෙනාගෙම එකම බලාපොරොත්තුව තිබුණේ දුවෙක්ටද?
මගෙ නම් ලොකු ආශාවක් තිබුණේ පුතෙක්ට. ඒත් මහත්තයාගේ බලාපොරොත්තුව තමයි ඉෂ්ට වුණේ. ඉතින් දැන් අපි දෙන්නාගේ ජීවිතය මේ පුංචි කැකුළි තමයි.
ඉතින් ඒ රෝස පැටික්කිට දැන් ලස්සන නමකුත් දාල ඇති නේද?
ඔව්. අපි දෙන්නාම කතා කරලා තමයි ලස්සන නමක් දැම්මේ. ඉලේෂ ශානි ගිහාරා කියලා.
කලා ක්‍ෂේත්‍රයට දවසින් දවස තරු බිහිවෙන තරගකාරී වකවානුවක නිර්මාණකරුවන්ට නෙතුව අමතක වෙයිද?
ඇත්තටම, එය වැදගත් ප්‍රශ්නයක්. මම තෝරා බේරා ගැනීමක් ඇතිව හොඳ නිර්මාණවලට සම්බන්ධ වුණා. ඒ මතකය තවමත් හැමෝගෙම හදවත්වල තිබෙනවා. ඒ නිසානේ ඔයාත් මට කතා කළේ. ඉතින් මම හිතන්නේ නැහැ මාව අමතක වෙයි කියලා. හැම දෙයක්ම හොඳ විදියට ඉදිරියට මේ ජීවන ගඟ ගලයි.
නෙතු නෙතුපියන් දිගහැරියේ ‘සිංහාවලෝකන’ චිත්‍රපටය හරහා. නමුත් ප්‍රේක්‍ෂකයන් අතරට ඔබ රැගෙන ගියේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටය හරහා නේද?
මම මේ ක්‍ෂේත්‍රයට පිවිසියේ සිරස කුමරිය හරහා. ඉන්පසු ‘සමනලී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ‘සිංහාවලෝකනය’ චිත්‍රපටය තමයි මගේ පළමු චිත්‍රපටය. එහෙත් මාව ගොඩදෙනෙක් අතරට ගියේ ජීවිතය ලස්සනට චිත්‍රපටය හරහා තමයි. ඉන්පසු මට නිර්මාණ රැසකින් ආරාධනා ගලාගෙන එන්නට පටන් ගත්තා. ඉදිරියේදී මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය අටක් විතර තිබෙනවා විකාශය වීමට.
‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ රංජන් සමඟ තමයි ඔබගේ රංග කුසලතාව ඉස්මතු කිරීමට අවකාශය උදාවුණේ නේද. ඉතින්?
රංජන් අයියා සුන්දර නිහතමානී කලාකරුවෙක්. ඇත්තටම මගේ හිතෙත් ලොකු බයක් තිබුණා. ඔහු සමඟ රඟපාන්න තියෙනවා කිව්වාම මොකද අපි මේ ක්‍ෂේත්‍රයට අලුත් නිසා. එහෙත් අයියා අපට දුන්න සහාය වචනවලින් කියන්න බැහැ.
පසුකාලීනව රංජන්ට ඇතිවුණු ප්‍රශ්න නිසා ඔහු සමඟ කතාකළේ නැතිද?
එය ඉතින් මට අදාළ දෙයක් නෙවෙයි. නමුත් අපේ සහෝදරත්වය අදටත් තිබෙනවා.
පසුගිය කාලේ එක්තරා නිර්මාණයක ඔබට සුවිශේෂී ඉඩකඩක් ලැබුණා නේද?
මට හිතෙන්නේ එය මට ලැබුණේ වාසනාවකට. අවුරුදු හැත්තෑ පහක විතර මහලු චරිතයක් තමයි මට නිරූපණ කිරීමට තිබුණේ. ඒ නිර්මාණයේ මම චරිත තුනක් නිරූපණ කළා. එය මට අභියෝගයක්. සමහරු කැමැති නැහැ තරුණ කාලේ වැඩිහිටි චරිත නිරූපණය කිරීමට. නමුත් එය මට විශේෂ අත්දැකීමක් වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රියසක්වලින් පාරිභෝගිකයන් හට පහසුකම් රැසක්

Next Post

සෙලාන් බැංකුවේ රන් මධ්‍යස්ථානයේ ATM යන්ත්‍රය නව පරිශ්‍රයකට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.