ආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සම්පාදකයා වන AIA, සිය නවතම AIA Customer Portal, එක හඳුන්වා දෙයි. මෙම ඩිජිටල් විසඳුම ඔස්සේ තම සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔවුන්ගේ රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු එසැණින් ලබා ගැනීමේ සහ කළමනාකරණය කරගැනීමේ අවස්ථාව උදාවේ. නවීකරණය කර නැවත හඳුන්වා දෙන ලද මෙම Customer Portal පහසුකම ඔස්සේ AIA සේවලාභීන්හට දැන්, මෙතෙක් ගෙවා ඇති වාරික පිළිබඳව, හිමිකම් පිළිබඳ විස්තර වැනි ඔවුන්ගේ රක්ෂණ ඔප්පුව හා බැඳුණු ඕනෑම තොරතුරක් එසැණින් ලබා ගැනීමේ හැකියාව ඇත.
මෙම නවතම Customer Portal පහසුකම වඩාත් සුරක්ෂිත වන අතර නවතම තාක්ෂණ භාවිතයෙන් නිමවා ඇත.











