AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකරන්නා වූ වැඩකටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, රක්ෂණ නියෝජිතයින් බඳවා ගැනීමේ සම්මුක සාකච්ඡා කාර්යාලයෙන් පිටතදී online ක්‍රමයට සිදු කිරීම සඳහා Sixer Video platform එක හඳුන්වාදී ඇත.
AIA ඉන්ෂුවරන්ස් සමාගමට රක්ෂණ නියෝජිතයින් ලෙස බැඳීමට කැමති ඕනෑම අයෙකුට දැන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන වෘත්තීය අවස්ථා ඉදිරිපත් කිරීමකට සහභාගි වීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීව දත්ත සහිත විස්තර ඇතුළත් වීඩියෝවක් online ක්‍රමයට සමාගම වෙත යොමු කිරීමට අවස්ථාව ඇත. මෙම ක්‍රමය ඔස්සේ නියෝජිතයින් බඳවා ගැනීම්, මුහුණට මුහුණ සිදු කරන්නා වූ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට වඩා පහසුවෙන් සහ ඉක්මනින් කළහැකි වන අතර මෙමගින් අපේක්ෂකයින් දුරබැහැර සිට සිය මුදල් සහ කාලය වැය කරමින් සම්මුඛ පරීක්ෂණ සඳහා කාර්යාලයන් වෙත පැමිණීම වළක්වාලීමටත් AIA කණ්ඩායමට හැකි වී ඇත.
AIA ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා ඒ පිළිබඳ පැහැදිලි කරමින් කියා සිටියේ “COVID-19න් පසු ලොව තුළ බොහෝ දෙනා මුහුණට මුහුණ හමු වී සිදුකරන රැස්වීම් සහ සම්මුඛ පරීක්ෂණ සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. අපට අවශ්‍ය වූණේ අපගේ නියෝජිතයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය නොකඩවා කරගෙන යාමට ක්‍රමයක් සොයා ගැනීමටයි.”











