‘ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව’ මේ වන තෙක් සංවිධානය කළ පුංචි පිකාසෝ චිත්‍ර තරගයේ ඩිජිටල් මුහුණවර ලෙස ‘බලාපොරොත්තුවේ සිත්තම්’ නමින් ඩිජිටල් චිත්‍ර තරගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. බැංකුවේ 81 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන මෙම තරගය ලෝක ළමා දිනයද අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරයි. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වයස් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙම තරගය වයස අවුරුදු 2-7ත් අතර, අවුරුදු 8-12ත් අතර, අවුරුදු 13-19ත් අතර සහ අවුරුදු 20න් ඉහළ යන වයස් කාණ්ඩ සඳහා විවෘත වෙයි.
අගෝස්තු 4 වැනි දින සිට සැප්තැම්බර් 10 වැනි දින දක්වා මෙම චිත්‍ර තරගය විවෘත වන අතර, ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍ර ඉදිරිපත් කළ හැකි අතර, ඒ සඳහා පැස්ටල්, දියසායම්, ඡදිඑැර ක්‍දකදමර හෝ ස්පර්ශ වූ විට නොගෑවෙන ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිත කළ හැකි වෙයි. චිත්‍ර ඇඳීමට භාවිත කරන කඩදාසිය A3 , A43 හෝ අඟල් 18×14 ප්‍රමාණයේ සුදු Matt නිමාවෙන් විය යුතුය. කඩදාසියේ වම් කෙළවරේ තරගකරුගේ නම සහ උපන් දිනය සටහන් කළ යුතුය. එක් තරගකරුවකුට ඉදිරිපත් කළ හැකි වනුයේ එක් චිත්‍රයක් පමණි. එම චිත්‍රය Bank of Ceylon නිල Face Book පිටුව හරහා www.bocbalapoththuwesiththam.com වෙත Upload කළ යුතුය. එසේම ඔබගේ Facebook පිටුව වෙත Share කිරීමෙන් ඒ සඳහා likes ලබාගත යුතුය. එම චිත්‍ර අතරින් වැඩිම මනාපයන් (likes) ලබාගන්නා චිත්‍රය වඩාත් ජනප්‍රිය චිත්‍රය ලෙස ඇගැයීමට ලක්වනු ඇත.











